"මයෙපුතා" ගෙන්...!
අවුරුදු තිහකට කලින් අද වාගේ දවසක පාන්දර මගෙ ලෝකය ම අඳුරු වුන මොහොත ආවේ. කලින් දවස් කීපයකත් එදා මුළු රැයත් ඇහැරලා හිටිය මට ඇහැ පිය වුන තත්පරේකදී නුඹේ පණ කෙන්ඳ හැඟ විලා. ඒ මටත් මාත් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කළ පුද්ගලයා... මගේ අප්පච්චී. මට දරා ගන්ට බැරි වෙයි දෝ කියලා ගෙදර පිරිලා හිටිය අනික් අය මට කතා කරලා නෑ. ඒක හොඳද නැද්ද කියන්ට මට තවම බෑ. ඒත් ඒ අවසාන තප්පරෙත් මයෙ අප්පච්චි දකින්ට, කකුල් දෙක ඉඹ ගන්ට මට ලැබුනා නං හොඳයි කියල මට අදත් හිතෙනවා. අදත් නුඹගේ ආලෝකය දිවා රෑ මා වටා...
**** **** ****
නුඹේ කුස තුල එක් වරක්වත් මටත් පිළිසිඳ ගන්නට අවස්ථාව ලැබෙන තුරු, එතෙක් පැතූ පිරිමි බව, පමා වේවායි යලි පැතූ මගේ අනික් අම්මත්, මගෙ අප්පච්චි අවසන් ගමන් යන්නට මාසයකට කලින් අප හැර ගියේ. මව් සෙනෙහසේ ගැඹුරු බව මට පෙන්වා දුන්, මගේ දයාබර නැන්දණිය....
**** **** ****
එක එක ආකාරයෙන් "වරම් දෙන්නට" පමණක් දැන සිටි, මා අපෙඅම්මායි ඇමතූ මගෙ අම්මා මාව හැර ගියේ ඊට හරියටම අවුරුදු දහයකට පස්සේ. ඒ අවසන් වරට මට බත් කටක් කවා දවස් කීපයකින්. අදත් නුඹේ ආදරයට විකල්ප නැත.
**** **** ****
ඔව්...නුඹලාට තේරුණු තරමින් පැතූ... සුව සතුට සම්පත් මා ලබාගෙන.!
නිවන් දකින්නට මොහොතකට කලින් හෝ සිහිනෙන්වත් ඇවිත්, "මයෙ පුතා.." කියා තව එක් වරක් මා අමතා, මගෙ හිස පිරි මැද යන්න.
simple "s"
2019.11.12
No comments:
Post a Comment