Saturday, September 28, 2019

උඩගෙදර කතා 173 (කොහිල 02)

"කොහිල...."                         අංක 02.

                   කලිං කොටසේ කතා කෙරුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මේ අවුරුද්දේ විශේෂයක් තියෙනවා.

                   මේ ලිපියට මං ඈඳා ගත්ත මයෙ යාලුවා, යාපා බන්ඩාර (Yapa Bandara) මං අඳුර ගත්තේ 1960 දී. අපි අවුරුදු පහක් එක හැලියේ, ( නෑ නෑ.. ඇත්තටම එක රාස්පානේ!), එක බත් ටික කකා තව දෙතුං සීයක් එක්ක එක වහලක් යට මිහිරි ජීවිතයක් ගෙව්වේ.  අර සේනාරත්නත් ඒ ජීවිතේ හවුල් කාරයෙක්. හැබැයි අපිට වැඩිය ඉහල පංතියක.

                  යාපා, අද මං කිව්ව එක්කට මට මෙහෙම ලියනවා:
"ඊයේ දියතලාවේ ගිහින් මේක ඇරගෙන ආවා." ඔය කියන්නේ මේ හතර වැනි සේයාරුවේ තියෙන පළකය.
"මොන ඇනිවර්සරි ද.. මේකේ පැහැදිලි නෑ." මං ලිව්වා.
"Fiftieth Annivesary of the Institute of Surveying and Mapping .මම ඒකේ first batch. ඒ කියන්නේ මගෙ service එකත් අවුරුදු 50 ක්." එයා ආඩමරෙං ලියල.
"ගෙවෙන හැම අවුරුද්දක්ම ඔයාගෙ සේවයට එක් වෙනවා නේද? Professionals ලා විශ්‍රාම යන්නෙ නෑනෙ." මං ලිව්වා. (පොඩි පටලැවිල්ලක් දැනෙනවා නේද.. සේවය අවුරුදු පනහක් කීවම... ? යාපා surveyor කෙනෙක්. ඇස්වහක් කට වහක් නෑ... හාල් මැස්සෙක් වත් කටේ තියන්නැති යාපට service එක 50 ක් වුනාට වයස නං 35 ක් 40 ක් ඇති!) ඒ කිව්ව සාංවත්සරේ හින්දයි මේ අවුරුද්ද සර්වේ දෙපාර්තමේන්තුවට විශේෂ.

                  සේනට, කෝකියා බිත්තිය කැඩුවදාට පහුවදා උදේම ලැබුනේ කොහිල කැඳ එකක්. නරක් වෙල තියෙයි නෙ? ඒ විතරක් නෙවේ, ලස්සනට මාරු කර කර කොහිල අලයි දළුයි... සම්බෝල, වෑංජන, කට්ලට්, කැඳ එහෙම එයා සේනට හදල දීල. සතියක්ම.  එයා මොලේ දුර්වලකමට හරි එහෙම කළේ ඇයි ?

                 එයාට හිතුනේ, මහත්තයා එයාට සැර දැම්මේ "මූලග්ගාය" වැඩි වෙල හිංදා  කියල....!

                 මූලග්ගාය, මූල වාතේ, අර්ශෂ් වාගේ නම් වලිනුයි ඉංගිරිසියෙං piles, haemorrhoids කියන නම් වලිනුයි මේ රෝග තත්වය හඳුන්වනවා. වැඩියෙම්ම භාවිතා කරන්නේ අර්ශස් කියල හරි පයිල්ස් කියල හරි. අපෙ සංස්කෘතියේ හැටියට මේ රෝග තත්වය ගැන වැඩිය එලි පෙහෙලියේ කතා කරන්නෙ නෑ. පිස්සු.. !  හැබැයි සීයට අනූ නව දෙනෙක් මේ රෝගය හිංදා තනි වෙල පීඩා විඳිනවා! අර්ශස් ප්‍රභේද දහ අටක්ද කොහෙද තියෙනවලු. ඒ ඔක්කොම පැහැදිලි  කරංට මං දන්නෙ නෑ.

                බහුලව අහංට ලැබෙන දෙක තුනක හැටි මෙහෙමයි. මේ කොයි හෑල්ලත් ඒ දහ අටටම අදාලයි. ඔය කොයි එකත් ගුද මාර්ගය ආශ්‍රිතව හැදෙන්නේ. ගෙඩි හැදීම, ඒ ගෙඩි ගුද මාර්ගයෙන් පිටට ඒම, ඒ ගෙඩි පුපුරා යාම, ලේ යාම, බඩ වේලීම, බඩ වැල වේදනාව වගේ ලක්ෂණ එකක් හරි කීපයක් හරි ඔය කොයි එකෙත් තියෙන්නේ. මේ කොයි එකත් හරි වේදනාකාරියි. මේ එක ලක්ෂණයක් හරි තියෙනවා නං නුරුස්සන ගතිය වැඩියි, ඉතිං තරහ යනවා, ඉවසන්නෙ නෑ, කලබලකාරියි. ඇයි දෙයියනේ දවස පුරාම තුවාලයක් උඩ ඉඳගෙන ඉංට වුනාම...? හැම වෙලේම ටොයිලට් යංට ඕනෑ වාගේ දැනි දැනී ඉංට වුනාම....? මගදී අමාරු වෙයිද කියල බයේ ගැහි ගැහී ඉංට වුනාම...? සීයට පණහකට වැඩිය මානසික තත්වයකුත් එක් වෙන හිංදා , බස් එක... උසාවිය.. සම්මුඛ පරීක්ෂණ වාගේ ටොයිලට් යංට පහසුකම් අඩූ අවස්ථාවකට මූණ දෙංට තියෙනවා නං වාගෙම ජීවිතයේ එක සැරයක් හරි ටොයිලට් යාම ආශ්‍රිත අප්සෙට් එක්කට පත් වෙලත් තියෙනවා නං,  කීසැරයක් උදේ ටොයිලට් එකට ගියත් සෑහීමට පත් වෙලත් නැත්තං ඔය නුරුස්සන ගතිය, තරහ යාම අරුමයක් නෙවෙයි. ඉතිං ඔය නුරුස්සන ගතිය, තරහ යාම අපෙං සේවයක් ලබා ගංට එන අය උඩිං යන තත්වෙට ආවම තමයි ඔන්න ප්‍රශ්ණ මතු වෙන්නේ. එයා මහ ගිනි පුක් කාරයෙක්, එයාට කටු පිටිං කොහිල අලයක්  පස්ස පැත්තේ ගහංට ඕනෑ, උදේ ගෑණිගෙං/මිනිහගෙං බැනුං අහ ගත්ත එක මිනිස්සු පිටිං ඔයෙ යවන්නේ වාගේ ඇණුම් බැණුම් එහෙමත් පටං ගන්නකොට තවත් ප්‍රශ්ණ වැඩි වෙනවා...

                   ගෙඩි වල වේදනාව වැඩිවීම, ගෙඩි පුපුරල ලේ යාම, බඩ වැල තුවාල වෙල  වේදනාව, ටොයිලට් යාමෙං සෑහීමට පත් නොවීම වාගේ හුඟක් දේ වෙන්නේ බඩ වේලීමෙං. පහසුවෙං ටොයිලට් යංට අපිට පිහිට වෙන්නේ අපෙ කෑමේ තියෙන කෙඳි  (ඒ කියන්නේ තන්තු). කොහිල වල ඔය කෙඳි වෙන කිසි කෑමක නැති තරං තියෙනවා. අන්න ඒකයි අර්ශස් කාරයිංට කොහිල ගුණයි කියන්නේ. ඒක තර්කයක් විතරක් නෙවෙයි. ඇත්තම ඇත්තක්.

                    කොහිල, කැඳ වැඩිය ගුණයි කියංටත් හේතුවක් තියෙනවා. අර්ශස් පාලනය කරල තියාගංට කොහිල කැඳ වාගෙම හුඟක් කොලකැඳ ජාතිත් හරිම හොඳයි. කැඳ වලට, කොහිලත් කොල ජාතිත් වැඩියම ගන්නේ වනේ කොටල හරි බ්ලෙන්ඩර් කරල හරි. එතකොට එව්වා සියුම් බිඳිති වලට කැඩෙනවා. එහෙම වුනාම එව්වේ තියෙන පෝෂණ කොටස් වැඩිපුර වාගෙම ඉක්මනිනුත් ඇඟට අවශෝෂණය වෙනවා. ඒ කියන්නේ උරා ගන්නවා. අන්න ඒකයි හේතුව. (වැල් පෙනෙල, තැල් වගේ කොල නං හීනියට කඩලත් කැඳ වලට දානවා.)

                     ඔය රෝගේ පාලනයට බඩ වේලෙංට නොදී තියා ගංට ඕනෑ. ඒකට වැඩිපු‍ර වතුර බොංටම ඕනෑ. විසේසෙං කෙඳි බහුල අලුත් එලවලු, පලතුරු, පලාජාති බොහෝමයක් අර්ශෂ් තියෙන අයටත් ඒක නොහැදෙංටත් බොහොම ගුණදායකයි. එයිනුත් විශේෂයෙන් ගුණ ජාති කීපයකුත් තියෙනවා. පලතුරු නං, ඇඹුල් රස (ඇසිඩ් ගතිය) අඩු පළතුරු තමයි වැඩිය හොඳ. ඇඹුල් කෙසෙල් ගෙඩි, පැපොල්, බෙලි බොහොම හොඳයි. එව්වේ බීම වැඩිය ගුණයි. ඇයි අර සියුම් බිඳිති වෙනවනෙ. ඒ බීමට දෙහි ඉස්ම බිංදු කීපයක් එක් කරල රස ගුණ වැඩි කර ගංටත් පුලුවං. බීම හදංට ගිහිං වැඩිපුර සීනි දාල දියවැඩියාව හදා ගන්නවා එහෙම නෙවෙයි ඔන්න. සීනි නොදාම තමයි වඩා හොඳ. හැබැයි, අන්නාසි, තක්කාලි, කෝන්, මසං, වගේ සැර පළතුරු මගෑරීම වැදගත්.

                     පලා ජාති කොයි එකත් හොඳයි. එයිනුත් මෙන්න මෙව්වා, ටොයිලට් යාම හොඳ පාලනයක තියා ගංට වැදගත් වෙනවා. කතුරු මුරුංගා, කංකුං, කූර, තම්පලා,  වට්ටක්කා දලු, මඩු කොකු හා දලු කොල, වැල් කොහිල දලු.

                     කොහිල, මඩු කොකු, වට්ටක්කා කොල, නෙලුම් අල, කෙහෙල් මුව  එහෙම සුද්ද කරන කොට අයිං කරන කෙඳි, මකුලු දැල් කැඩුව කැප්පෙටියා අතු අහුරේ වාගේ අතේ පටලවා ගන්න නූල් වලට එහෙම මේ කෙඳි (fibre) කියන්නේ කියල මං ඉස්සර හිතුවේ. පස්සෙයි දැන ගත්තේ මේ ඇහැටවත් පෙනෙන්නැති කොටස් ජාතියක් කියල.

                      බටහිර වෙදකමේ හැටියට ශල්‍යකර්ම (operation) මගින් ගෙඩි ඉවත් කිරීමයි ආලේපන නියම කිරීමයි තමා වෙන්නේ. . ගෙඩි ඉවත් කෙරුවත් සමහර අයට ඉක්මනිං ආපහු හැදෙනවා කියනවා. ආලේපන වලින් ලැබෙන්නෙත් තාවකාලික සහනයක් විතරයි.

                      විශේෂයෙම්ම, අගුණ දේවල් ගැන හොඳිං දැනගෙන ඉන්න එකත් බොහොම වැදගත්.....

(මතු සම්බන්ධයි.)

                                                                                                    simple "s"
2019.09.15

01, 02, 03  වැනි පින්තූර අන්තර්ජාලය ඇසුරෙන්.

උඩගෙදර කතා 176 (ලිං කටෙං වැටුන එකා 51)

ලිං කටෙං වැටුන එකා.   51

"ඔන්න තව එක වාරයයි..."
"ඔච්චර බය වෙංට එපා අයියා. උඹට ඔය විභාගේ හොඳිම්ම කර ගංට පුලුවං."
"මං මොන විභාගයක් ගැනවත් මෙහෙම බය වුනේ නෑ. ඒ වුනාට ඕලෙවල් ගැන නං හිතේ කිසි විස්වාසෙයක් නෑ."
"උඹමයි මට කියල දීල තියෙන්නේ 'මට පුලුවං.' කියල කොයි දේ ගැනවත් හිතංට කියල. අනික බලපං... උඹෙ තුන පහ රටාවේ විදිහට මේ වාරේ උඹ පස් වෙනියා වෙංට ඕනෑ එකනේ තුං වෙනියා වෙල තියෙන්නේ."
"නංගී... මමනේ දන්නේ මම ඇත්තටම පාඩං කරන තරම. නිකමට හිතපං නීතියට වාගේ, හවස ස්ටඩි ටයිම් එකේ, ස්ටඩි හෝල් එකේ ඉඳගෙන පොතක් දිගෑර ගන්නවා.  නිකං පිටු පෙරලෙනවා. ඉතිං අබමල් රේණුවක දෙයක් ඔලුවට යයිද? මං ඉන්නේ වෙන වෙන හීන ලෝකවල් වල. පංතියෙත් සර් හරි මැඩම් හරි පාඩම කියල දෙනකොට ඒකම තමයි. ඒ අය හිතනවා ඇති මම අවධානයෙං සාවධානව අහගෙන ඉන්නවා කියල. මේක මට විතරක් වෙල තියෙන දෙයක් නෙවෙයි. අනිත් අය කියන්නෙත් ඔය ටිකමයි. ඇයි මං කිව්වෙ නැද්ද එක්කෙනෙකුට වුන විකාරයක්?"
"ඒ මොකද්ද?"

"අපෙ ලයියා දවසක් පංතියේදී, කෙමිස්ට්‍රි උගන්නන වෙලාවේ ඔය හීන ලෝකේ... එයාට හිතංට දෙයක් නිවාඩු කාලේ වෙලා තිබුනා! මෙයා සිහියකිං නෙවෙයි ඉන්නේ කියල දැනගෙනමද කොහෙද එම කියල දුන්න එක මැඩම් ඇහැව්වා:
'රේඩියම් හොයා ගත්තේ කව්ද?' කියල."
"ක්‍රිස්ටීන් ...." ලයියා ගත් කටටම කිව්වා."නෑ නෑ මාරි කියුරී.. මැඩම්." ලමයි ඔක්කොම හිනා වුනා.
"මාරි කියුරී මැඩම්!
දන්නවද මාරි කියුරී (Marie Curie) ගෙ හපන්කම්. නොබෙල් ත්‍යාගය ලබා ගත් පළමු කාන්තාව, දෙවරක් නොබෙල් ත්‍යාගය ලබාගත් එකම කාන්තාව, වෙනස් වෙනස් විද්‍යා ක්ෂේත්‍ර දෙකක නොබෙල් ත්‍යාගය ලබා ගත් එකම කාන්තාව. තව විස්තර මහ ගොඩයි. ඕගොල්ලන්ට ඉංග්‍රීසි සාහිත්‍යයට එයා ගැන ලියවුන පොතකුත් තියෙනවා නේද?"

"කව්ද ක්‍රිස්ටීන්? නිවාඩු කාලේ ලයියට මොකද්ද වෙල තියෙන්නේ.?" ජිනා ඇහැව්වා.
"ඉබේ වෙච්ච දෙයක් නෙවේ.. ඒක නංගිට ඕනැන්නෙ නෑ.."

"හරි... ඒ ලයියනෙ. ඉතිං අයියා මොකක් ගැනද.. කව්රු ගැනද ඔච්චර හීන බලන්නේ? බොරු ඕන නැ... කෙල්ලෙක් ගැනනෙ හිතන්නේ? මාධංගනී ගැන නෙවෙයි කියල අයියා කියනවා. ඒක මං දන්නවා. එහෙනං කව්ද? ඇත්තම කියංට... මමද?"
"පිස්සුද ජිනා! උඹ ගැන මං මොනවා හිතංටද ලෙබ්බී... ? යාලු කර ගන්න හැටි හිතංටද....? ලයියා වාගේ වෙන දෙයක් හිතංටද... ? අහවල් එක කියල දෙයක් නෑ.. මොනවා හරි ඔලුවට එනවා. දන්නෙම නැතුව ඒක ගැන දිගට දිගට ඔලුව යනවා."
"නෑ... මං ඇහැව්වේ මං අයියට වදයක් වෙල නං... විභාගේ ඉවර වෙන කල් පැත්ත පලාතේ එන්නෙත් නැතිව මුණ ගැහෙන්නෙත් නැතිව ඉංට මට පුලුවං."
"දැමුත් ඉතිං ඉස්සර වාගේ මුණ ගැහෙනවායැ. මේ නිවාඩු කාලෙටම අදත් එක්ක  දෙදවහයිනෙ. මුණ ගැහෙන්නෙ නැතුව ඉංට එපා.. මට ඒකටත් දුකයි ජිනා. අනික... දෙසැම්බර් නිවාඩුවෙත් විභාගේ ඉවර වෙල එහෙමනෙ මුණ ගැහෙන්නේ. එන අවුරුද්දෙත් ජිනාට විභාගේ. මට නංගී හින්දා ඩිස්ටර්බ් නං මම එනවායැ මෙහෙ."
"තව එකක් හිතටකො... දැං අයියා පංතියේ තුන හතර පහ වෙනවා. ඒ නිකම්මද.. "
"නංගී ඔය අපෙ පංතියේ අය අතරිංනෙ. රටෙම්ම කොහොම වෙයිද කව්ද දන්නේ. මේක  මැට්ටෝ ටිකක් අතරෙං වෙනියා පෙන්නිල්ලක් වාගේ. දැං අර හොස්ටල් එකේදී සාකච්ඡා කෙරුව එකත් නෑ. පාඩං කරන එක නින්දාවක් වාගේ කොල්ලෝ අතරේ තියෙන මතය. එක එක කාලෙට එක එක රැල්ලවල්... "
" හොඳයි... අයියා බය නැතුව ඉංටකො. පාස් වෙනවා වෙනවාමයි. හැබැයි ඉතිං ඉස්සරහ දවස් ටිකවත්, ටික දවසක්නෙ, හිත එකතැං කරගෙන වැඩ ටිකක් කරංට.."

                    මං කොහොම ජිනාට කියංටද, මම මාරුවෙං මාරුවට ජිනයි මාදියි ලතයි තුන් දෙනා ගැනම හිතන්නේ කියල. මම මහ නරක එකෙක්. මටම මං ගැන ලැජ්ජහයි. දයා මයෙ හොඳම යාලුවා. මං ගැන හැම දේම දන්නවා. මයෙ තකතිරු අදහස් ගැන හිතලමද කොහෙද දයා මයෙ ඔටෝ එකේ, "දෙදෙනෙකුට ආලය කිරීම තිදෙනෙකුගේ මිණී වල කැපීමකි." කියල ලිව්වේ. මේක තිදෙනෙකුට දෙයියනේ. මං එදාම හිතා ගත්තේ ආයෙ මාදි ගැන හිතන්නේවත් නෑ කියල. ඒත් සතියක් ගියෙ නෑ.. මාදි,
"අයියා එකම එක සැරයයි අපෙ ගෙදර ආවේ. අපෙ අයියා මේ සතියේ මාත් එක්ක ගෙදර යනවා කිව්වා... ඉතිං සපූ අයියත් එංටකෝ.." කියංට.

                                                                                                      simple "s"
2019.09.28

මැඩම් කියුරී ගැන තොරතුරු හා පින්තූරය අන්තර්ජාලයෙනි.

Friday, September 27, 2019

උඩගෙදර කතා 173 (කොහිල 02)

"කොහිල...."                         අංක 02.

                   කලිං කොටසේ කතා කෙරුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මේ අවුරුද්දේ විශේෂයක් තියෙනවා.
                   මේ ලිපියට මං ඈඳා ගත්ත මයෙ යාලුවා, යාපා බන්ඩාර (Yapa Bandara) මං අඳුර ගත්තේ 1960 දී. අපි අවුරුදු පහක් එක හැලියේ, ( නෑ නෑ.. ඇත්තටම එක රාස්පානේ!), එක බත් ටික කකා තව දෙතුං සීයක් එක්ක එක වහලක් යට මිහිරි ජීවිතයක් ගෙව්වේ.  අර සේනාරත්නත් ඒ ජීවිතේ හවුල් කාරයෙක්. හැබැයි අපිට වැඩිය ඉහල පංතියක.
                  යාපා, අද මං කිව්ව එක්කට මට මෙහෙම ලියනවා:
"ඊයේ දියතලාවේ ගිහින් මේක ඇරගෙන ආවා." ඔය කියන්නේ මේ හතර වැනි සේයාරුවේ තියෙන පළකය.
"මොන ඇනිවර්සරි ද.. මේකේ පැහැදිලි නෑ." මං ලිව්වා.
"Fiftieth Annivesary of the Institute of Surveying and Mapping .මම ඒකේ first batch. ඒ කියන්නේ මගෙ service එකත් අවුරුදු 50 ක්." එයා ආඩමරෙං ලියල.
"ගෙවෙන හැම අවුරුද්දක්ම ඔයාගෙ සේවයට එක් වෙනවා නේද? Professionals ලා විශ්‍රාම යන්නෙ නෑනෙ." මං ලිව්වා. (පොඩි පටලැවිල්ලක් දැනෙනවා නේද.. සේවය අවුරුදු පනහක් කීවම... ? යාපා surveyor කෙනෙක්. ඇස්වහක් කට වහක් නෑ... හාල් මැස්සෙක් වත් කටේ තියන්නැති යාපට service එක 50 ක් වුනාට වයස නං 35 ක් 40 ක් ඇති!) ඒ කිව්ව සාංවත්සරේ හින්දයි මේ අවුරුද්ද සර්වේ දෙපාර්තමේන්තුවට විශේෂ.
                  සේනට, කෝකියා බිත්තිය කැඩුවදාට පහුවදා උදේම ලැබුනේ කොහිල කැඳ එකක්. නරක් වෙල තියෙයි නෙ? ඒ විතරක් නෙවේ, ලස්සනට මාරු කර කර කොහිල අලයි දළුයි... සම්බෝල, වෑංජන, කට්ලට්, කැඳ එහෙම එයා සේනට හදල දීල. සතියක්ම.  එයා මොලේ දුර්වලකමට හරි එහෙම කළේ ඇයි ?
                 එයාට හිතුනේ, මහත්තයා එයාට සැර දැම්මේ "මූලග්ගාය" වැඩි වෙල හිංදා  කියල....!
                 මූලග්ගාය, මූල වාතේ, අර්ශෂ් වාගේ නම් වලිනුයි ඉංගිරිසියෙං piles, haemorrhoids කියන නම් වලිනුයි මේ රෝග තත්වය හඳුන්වනවා. වැඩියෙම්ම භාවිතා කරන්නේ අර්ශස් කියල හරි පයිල්ස් කියල හරි. අපෙ සංස්කෘතියේ හැටියට මේ රෝග තත්වය ගැන වැඩිය එලි පෙහෙලියේ කතා කරන්නෙ නෑ. පිස්සු.. !  හැබැයි සීයට අනූ නව දෙනෙක් මේ රෝගය හිංදා තනි වෙල පීඩා විඳිනවා! අර්ශස් ප්‍රභේද දහ අටක්ද කොහෙද තියෙනවලු. ඒ ඔක්කොම පැහැදිලි  කරංට මං දන්නෙ නෑ.
                බහුලව අහංට ලැබෙන දෙක තුනක හැටි මෙහෙමයි. මේ කොයි හෑල්ලත් ඒ දහ අටටම අදාලයි. ඔය කොයි එකත් ගුද මාර්ගය ආශ්‍රිතව හැදෙන්නේ. ගෙඩි හැදීම, ඒ ගෙඩි ගුද මාර්ගයෙන් පිටට ඒම, ඒ ගෙඩි පුපුරා යාම, ලේ යාම, බඩ වේලීම, බඩ වැල වේදනාව වගේ ලක්ෂණ එකක් හරි කීපයක් හරි ඔය කොයි එකෙත් තියෙන්නේ. මේ කොයි එකත් හරි වේදනාකාරියි. මේ එක ලක්ෂණයක් හරි තියෙනවා නං නුරුස්සන ගතිය වැඩියි, ඉතිං තරහ යනවා, ඉවසන්නෙ නෑ, කලබලකාරියි. ඇයි දෙයියනේ දවස පුරාම තුවාලයක් උඩ ඉඳගෙන ඉංට වුනාම...? හැම වෙලේම ටොයිලට් යංට ඕනෑ වාගේ දැනි දැනී ඉංට වුනාම....? මගදී අමාරු වෙයිද කියල බයේ ගැහි ගැහී ඉංට වුනාම...? සීයට පණහකට වැඩිය මානසික තත්වයකුත් එක් වෙන හිංදා , බස් එක... උසාවිය.. සම්මුඛ පරීක්ෂණ වාගේ ටොයිලට් යංට පහසුකම් අඩූ අවස්ථාවකට මූණ දෙංට තියෙනවා නං වාගෙම ජීවිතයේ එක සැරයක් හරි ටොයිලට් යාම ආශ්‍රිත අප්සෙට් එක්කට පත් වෙලත් තියෙනවා නං,  කීසැරයක් උදේ ටොයිලට් එකට ගියත් සෑහීමට පත් වෙලත් නැත්තං ඔය නුරුස්සන ගතිය, තරහ යාම අරුමයක් නෙවෙයි. ඉතිං ඔය නුරුස්සන ගතිය, තරහ යාම අපෙං සේවයක් ලබා ගංට එන අය උඩිං යන තත්වෙට ආවම තමයි ඔන්න ප්‍රශ්ණ මතු වෙන්නේ. එයා මහ ගිනි පුක් කාරයෙක්, එයාට කටු පිටිං කොහිල අලයක්  පස්ස පැත්තේ ගහංට ඕනෑ, උදේ ගෑණිගෙං/මිනිහගෙං බැනුං අහ ගත්ත එක මිනිස්සු පිටිං ඔයෙ යවන්නේ වාගේ ඇණුම් බැණුම් එහෙමත් පටං ගන්නකොට තවත් ප්‍රශ්ණ වැඩි වෙනවා...
                   ගෙඩි වල වේදනාව වැඩිවීම, ගෙඩි පුපුරල ලේ යාම, බඩ වැල තුවාල වෙල  වේදනාව, ටොයිලට් යාමෙං සෑහීමට පත් නොවීම වාගේ හුඟක් දේ වෙන්නේ බඩ වේලීමෙං. පහසුවෙං ටොයිලට් යංට අපිට පිහිට වෙන්නේ අපෙ කෑමේ තියෙන කෙඳි  (ඒ කියන්නේ තන්තු). කොහිල වල ඔය කෙඳි වෙන කිසි කෑමක නැති තරං තියෙනවා. අන්න ඒකයි අර්ශස් කාරයිංට කොහිල ගුණයි කියන්නේ. ඒක තර්කයක් විතරක් නෙවෙයි. ඇත්තම ඇත්තක්.
                    කොහිල, කැඳ වැඩිය ගුණයි කියංටත් හේතුවක් තියෙනවා. අර්ශස් පාලනය කරල තියාගංට කොහිල කැඳ වාගෙම හුඟක් කොලකැඳ ජාතිත් හරිම හොඳයි. කැඳ වලට, කොහිලත් කොල ජාතිත් වැඩියම ගන්නේ වනේ කොටල හරි බ්ලෙන්ඩර් කරල හරි. එතකොට එව්වා සියුම් බිඳිති වලට කැඩෙනවා. එහෙම වුනාම එව්වේ තියෙන පෝෂණ කොටස් වැඩිපුර වාගෙම ඉක්මනිනුත් ඇඟට අවශෝෂණය වෙනවා. ඒ කියන්නේ උරා ගන්නවා. අන්න ඒකයි හේතුව. (වැල් පෙනෙල, තැල් වගේ කොල නං හීනියට කඩලත් කැඳ වලට දානවා.)
                     ඔය රෝගේ පාලනයට බඩ වේලෙංට නොදී තියා ගංට ඕනෑ. ඒකට වැඩිපු‍ර වතුර බොංටම ඕනෑ. විසේසෙං කෙඳි බහුල අලුත් එලවලු, පලතුරු, පලාජාති බොහෝමයක් අර්ශෂ් තියෙන අයටත් ඒක නොහැදෙංටත් බොහොම ගුණදායකයි. එයිනුත් විශේෂයෙන් ගුණ ජාති කීපයකුත් තියෙනවා. පලතුරු නං, ඇඹුල් රස (ඇසිඩ් ගතිය) අඩු පළතුරු තමයි වැඩිය හොඳ. ඇඹුල් කෙසෙල් ගෙඩි, පැපොල්, බෙලි බොහොම හොඳයි. එව්වේ බීම වැඩිය ගුණයි. ඇයි අර සියුම් බිඳිති වෙනවනෙ. ඒ බීමට දෙහි ඉස්ම බිංදු කීපයක් එක් කරල රස ගුණ වැඩි කර ගංටත් පුලුවං. බීම හදංට ගිහිං වැඩිපුර සීනි දාල දියවැඩියාව හදා ගන්නවා එහෙම නෙවෙයි ඔන්න. සීනි නොදාම තමයි වඩා හොඳ. හැබැයි, අන්නාසි, තක්කාලි, කෝන්, මසං, වගේ සැර පළතුරු මගෑරීම වැදගත්.
                     පලා ජාති කොයි එකත් හොඳයි. එයිනුත් මෙන්න මෙව්වා, ටොයිලට් යාම හොඳ පාලනයක තියා ගංට වැදගත් වෙනවා. කතුරු මුරුංගා, කංකුං, කූර, තම්පලා,  වට්ටක්කා දලු, මඩු කොකු හා දලු කොල, වැල් කොහිල දලු.
                     කොහිල, මඩු කොකු, වට්ටක්කා කොල, නෙලුම් අල, කෙහෙල් මුව  එහෙම සුද්ද කරන කොට අයිං කරන කෙඳි, මකුලු දැල් කැඩුව කැප්පෙටියා අතු අහුරේ වාගේ අතේ පටලවා ගන්න නූල් වලට එහෙම මේ කෙඳි (fibre) කියන්නේ කියල මං ඉස්සර හිතුවේ. පස්සෙයි දැන ගත්තේ මේ ඇහැටවත් පෙනෙන්නැති කොටස් ජාතියක් කියල.
                      බටහිර වෙදකමේ හැටියට ශල්‍යකර්ම (operation) මගින් ගෙඩි ඉවත් කිරීමයි ආලේපන නියම කිරීමයි තමා වෙන්නේ. . ගෙඩි ඉවත් කෙරුවත් සමහර අයට ඉක්මනිං ආපහු හැදෙනවා කියනවා. ආලේපන වලින් ලැබෙන්නෙත් තාවකාලික සහනයක් විතරයි.
                      විශේෂයෙම්ම, අගුණ දේවල් ගැන හොඳිං දැනගෙන ඉන්න එකත් බොහොම වැදගත්.....
(මතු සම්බන්ධයි.)
                                                                                                    simple "s"
2019.09.15
01, 02 පින්තූර අන්තර්ජාලය ඇසුරෙන්.

Thursday, September 26, 2019

උඩගෙදර කතා 175 (ලිං කටෙං වැටුන එකා 50)

ලිං කටෙං වැටුන එකා   50
"අද දවසටම නංගී දැක්කෙ නෑ සපූ.."
"එයා ඉස්කෝලෙට ආවදා ඉඳලම මං දැක්කෙ නෑනෙ."
"හොස්ටල් එක ඉස්සරහත් ඔය ඉන්නේ වෙලාවකට.... ආ... අර ඉන්නේ.. අර ඉන්නේ සපු. අර ලා කොලපාට ගවුම ඇඳලා."
"බෑ මට එහෙම අඳුරංට බෑ දයා... දවසයිද දෙකයිදනෙ දැක්කේ. දැං මූණුවරත් වෙනස් ඇති."
"ඒක ඇත්ත සපූ.. සමහර විට ඉස්කෝලෙදි ලඟින්ම පාස් වෙලත් ඇති. ලමයි ගොඩක් එකටම දැක්කමත් වෙනම අඳුරන්ට අමාරුයි. අනික මේ වයසේදී ටක් ටක් ගාල වෙනස් වෙල හැදෙන්නේ."
"ඔව් දයා, ජිනත් දැං කම්මුල් එහෙම පිරිල... වෙනස් වෙල තමයි."
                අලුත් වාරේ පටංගෙන සතියක් විතර යනකොට සිස්සත්වේ පාස් වෙච්ච අලුත් ළමයි ඉස්කෝලෙටයි හොස්ටල් වලටයි එංට පටං ගත්තේ. මාදි නංගිත් ආවා කියල දවසක් දයා කිව්වා. එදා දයාගෙ අම්මලාවත් මං දැක්කෙ නෑ. ඉස්කෝලේ වෙලාවේ ඇවිත් තිබුනේ. හැබැයි දයාට ගෙනාව කැවුම් නං මටත් එක්කයි තිබුනේ. මාධංගනී නංගී බලංට හිතට දැනුන වුවමනාව මං හිතාමතාමයි පෙන්නුවේ නැත්තේ. දයත් ඒ ගැන වැඩිය පන්න පන්න කතා කෙරුවේ නෑ.
                 ලතා බොහොම ආදරයෙං මාදි නංගී බලාගෙන තිබුනා. ඒ ගැන නංගී දයාටත් කියල. අනික් ලමයිංට රැග් කරනකොට මෙයා බේරිල. ඒ වුනාට පොඩි පොඩි ගෝරි තිබිල. එක ලමයෙක් දයා ගැන කියවල.....
"මේ.. දන්නවද... උඹගෙ අයියා තමයි මගෙ වස්තුව. මගෙ කුලුඳුල් පෙම්වතා. අපි දෙන්නට දෙන්නා හදවත පතුලෙන්ම අදරෙයි. මගෙ දයා මට කියලා තියෙන්නේ මාව ලැබුනේ නැත්තං ... ඉතිරි හරිය දැන ගංට ඕනද?"
"මෙහ්... මාධංගනීට නෙවේ මට නම් දැන ගන්ට ඕනා."
"අපෝ ඕක හිතා ගන්ට බැරිද බං... එයා මට කියලා තියෙන්නේ එයාගෙ ආදරේ අකලංකයි, නොඉඳුල්, සදාකාලිකයි, ආත්ම ගණනක් තිස්සේ පතාගෙන ආව බැඳීමක් කියලා. ඊයෙත් ලියුමක් දුන්නා. මං ගේංටද ඒක.? ඉතිං මාව නොලැබුනොත්... මට කියලා තියෙන්නේ... උඹ මගෙ නැන්දම්මට එහෙම කියන්නෙ නෑ ඔන්න... මට කියලා තියෙන්නේ.... එක්කෝ දැන්ම උඹ දැන ගන්ට ඕන නෑ... මයෙ නෑනා පොඩ්ඩ.."
"ඒයි.. අර උඹට සින්දුවක් කිව්වා කිව්වේ.. ඒකත් කියපං."
"එකක් නෙවෙයි බං... දෙක තුනක්ම කිව්වා. පුදුම ලස්සනට එයාට සින්දු කියන්ට පුලුවන්නෙ. ඔන්න ඉස්සර වෙල කිව්වේ... අර 'මල් කුමරියො සිටියත් කොතරම් කැලේ.. ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ...' කියල පදයක් තියෙන සින්දුව. ඊට පස්සේ කිව්වා... "
"මේ .. හැබැයි තාලෙට සින්දුව ඔක්කොම කියපං ඒකවත්.."
"හරි හරී... නෑනා ඉස්සරහ ශිල්ප දක්වන්නේ නැතිව මං කාට පෙන්නන්ටද?"
"මම ඩොල්කිය..  ජින උටු තක... ජින උටු තක... ජින... ඉතිං පටං ගනිං..."
"දුටු දා ඉඳලා ලුහු බැන්දා.... දන්නවාද මම පෙම් බැන්දා............... ඔන්න දැක්කද උඹගෙ අයියා පොඩ්ඩගෙ රඟේ..!"
"හරි හරී.. දැන්වත් කියපන්කො උඹව ලැබුනෙ නැත්තං දයා මොනවද කරනවා කිව්වේ..?"
"ඒක බොහොම බරපතල දෙයක්. ඒක මාධංගනී දැන ගංට ඕන නෑ. කෙල්ල පව්නෙ. වරෙං උඹට මම හොරෙන් කියන්නං..." රහසෙන් වාගේ ජන්ක්ෂන් එකටත් ඇහෙන්ට හයියෙන් මෙහෙම කියලා..
"මාව ලැබුනෙ නැත්තං එයා... වෙන කෙල්ලෙක් මැරි කරනවලු!"
                                                                                                 simple "s"
2019.09.24
පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන්.

Wednesday, September 25, 2019