Wednesday, December 5, 2018

උඩගෙදර කතා 68 (ෂ්... ෂ්...)

උසාවියක් පැත්තෙන් මෙහෙම ඇහුනලු ... 02

"ෂ්...ෂ්..."
***************
නීතිඥ කාර්‍යාලය:

"මොන විදියකටවත් තමාව නීති තර්කයකින් නම් බේරා ගන්න බෑ. මොකක් හරි සහනයක් ඉල්ලා ගන්න බලමු. හැබැයි මම කියන විදියට උසාවියේදී හැසිරෙන්න ඕන. තේරුනා නේද සාමරත්න?"
"ඔව් මහත්තයෝ.."

                        *                      *                     *

උසාවිය:

"යුෂ්මතා මේ පැමිණිලි කාරයට පහර දුන් බව පිළිගන්නවද?"
"ෂ්.. ෂ්.."
"යුෂ්මතා මේ පැමිණිළිකාරයට පහර දුන්නේ ඇයි?"
"ෂ්.. ෂ්.."
"පැමිණිලි කාරයත් තමාට පහර දුන්නද?"
"ෂ්.. ෂ්.."
"පැමිණිලිකාරයා බැන්නද?'
"ෂ්.. ෂ්.."
"මට යුෂ්මතාව හිරගෙට නියම කරන්න සිද්ද වෙනව."
"ෂ්.. ෂ්.."
"මේ විත්තිකරු මානසික රෝගයකින් පෙලෙනවා වගෙයි.."
"ෂ්..ෂ්.."
"විත්තිකරු නිදහස් කරන ලෙස මම නියම කරනවා."
"ෂ්.. ෂ්.."
                       *                     *                    *
නීතිඥ කාර්‍යාලය:

"සාමරත්න බොහොම දක්ෂ විදියට රඟ පෑවනෙ.."
"ෂ්.."
"මගෙ ගාස්තුව දෙදාස් පන්සීයයි.. සාමරත්න."
"ෂ්.. ෂ්.."
"සාමරත්න මගෙ ගාස්තුව දෙදාස්..."
"ෂ්.. ෂ්..
"යකො මගෙ ෂ් මටම ෂ්! නෙ! "
                         
                                                           "s"
2018.11.08

                 

No comments:

Post a Comment