Tuesday, December 4, 2018

උඩගෙදර කතා 92 (කව්ද... අඳුරනවද?)


                         "කව්ද... අඳුරනවද?"

මේ මල්ලී අදුරන්න පුලුවන්ද? පව්නෙ .. පුංචි උපකාරයක් කරන්නම්.

සතුරන් විසින් වට කරනු ලැබ දින කීපයක් ආහාර පාන පවා හිගවූ හමුදා කදවුරක්... එහි සිටි එක් සෙබළෙක්... දැඩි කේන්තියෙන්..
ඔහු සිය ඉහලම නිළධාරියෙකුට දුරකථන ඇමතුමක..

සෙබළා: "තමුසෙලා ඔහේ ජොලියේ.. අපි මෙහෙ
                 කොටු වෙලා.. කන්න බොන්න තියා .
නිළදාරියා:" හරි දරුවා අපි දන්නවා ඔය අය විදින දුක.     
                   මොනවද මට කරන්න පුලුවන්?"
සෙ..: "කරන්න? මෙහෙ සෙබළු මැරෙනවා.. බේත්       
           පෙත්තක්වත් නෑ. තමුසේ අහනවා මොනවද
           කරන්න පුලුවන්කියලා.."
නිළ...: "අයිසේ අපිට කරන්න පුලුවන් හැම දේම අපි
             කරනවා. දන්නවද ඔහේ කතා කරන්නේ
             කාටද කියලා?"
සෙ...:"නැහ්.. තමුසේ දන්නවද මේ කතා කරන්නේ
           කව්ද කියලා..?"
නිළ...: "නෑ.."
සෙ...: "එහෙනං කමක් නෑ.."
        
       (සංවාදය අවසන්..දුරකථනය විසන්දි කෙරේ... කතන්තරයේ අයිතිකාරයා කව්ද කියලා නං දන්නේ නෑ!)

                                                     simple "s"
2017.10.04

1 comment: