Sunday, November 25, 2018

උඩගෙදර කතා 62 (අත් හැරීම)

                                 "අත් හැරීම.. "

නං .............................. 09

             අත් හැරීම .... හරි ටොයිස් වැඩක්!

             කොයි දේවත් වැඩියෙංම කරන එක්කෙනත් තියන්නේ වාර්තාවක්. මං හිතන්නේ... අත් හැරීම අතිං මාත් වාර්තාවක් තිබ්බ කෙනෙක්. සමහර දේ කී සැරයක් අත් හැරියද... ගිනස් නෑ, ආවෙ නෑ!

             වැඩ අත් හරින්ට තිබ්බ දවසකුත් ලඟදී තිබ්බා. හුඟ දෙනෙක් ඒ වෙනකොටත් වැඩ අත් හැරලා.. ඒ හිංදා ඒක ලොකු ප්‍රශ්ණයක් වුනේ නෑ.

             අවුරුදු දවස් වල ගමේ එක එක දේ අත් හැරිය අය අතරිං සුවඳසේන වාර්තා තිබ්බේ. අවුරුද්දක්ම මාංසි වෙල අතට ගත්ත තුට්ටු දෙක ඒ දවස් දෙකට ඉවර කර ගත්තේ තව මාස ගානකට දරු පැටව් දෙන්නට බත් හැන්දක් දෙංටත් බැරි තැනට ආවට පස්සේ. හැලි අරක්කු විකුණංට පටං ගත්ත දා ඉඳල අරිශ්ට මුදලාලි අනුකම්පාව අත් හැරියේ. තෝං මුදලාලිගෙ කබල් පැදුරු කෑලි දෙකයි කාට් කුට්ටමයි සුවඳසේනගෙ කෝටිපති ආසාව අත් හැරියේ, එයා නුවර දළදා මාලිගාවට යංට හිතා ගත්ත 17 වැනිදා. සුවඳේ තව දෙතුං දෙනෙක් එක්ක දළදා මාලිගාවට ගියේ නරක පුරුදු, ඇබ්බැහි කීපයක්ම අත් හරින්ට පොරොන්දු වෙංට. දළදා වහංසේ දිව්රුම් කොමසාරිස් කෙනෙක් වත් ගැටඹේ බෝධීන් වහන්සේ සිතූ පැතූ දේ ලබා දෙන සුරබි ධේනුවක් වත් නෙවෙයි කියල සුවඳසේනත් ("ත්") දන්නෙ නෑ.

            සුවඳසේනගෙ ඔලුවට තව යහපත් අදහසක් දැම්මා එක උපාසක කෙනෙක්. ඊලඟ වෙසක් දෙපෝයට අටසිල් සමාදං වෙමු කියල.

            සුවඳෙගෙ නෝනා ඉහලිංම කැමති වුනා. හිඟා කකා කොලපතක් අරං.. ලුණුයි බතුයි කමුකො රත්තරං කියල එයා සුවඳසේන එක්ක පැනල එංට තීරණය කෙරුවේ,

ම්ම්ං ම්... ම්ම්ං ම්... සීත හිමේ කඳු පාමුල .. ම්මං ම්... ම්මං ම්.. ඇත්තටම සේන කොලුවා හදන කාමරෙයි සේනයි අත් හැරල. අල වවල හරි යනවායැ. ඒ එක්කම එයාගෙ අම්මා අප්පලත් එයාව දරුකමෙං අත් හැරියා..

              පංසල් ගිය සේන දවස පුරා බණ ඇහුවා.. හරියට රිලේ රේස් දුවනවා වාගේ. ඔහේ කල්පනා කර කර ඉංට වෙලාව නං ඇති තරං තිබ්බා.., පරන පුංචි පුංචි කෝංතරත් ඔක්කොම ඔලුවට එංට තරං. "අග වැටෙංට තිබ්බ කොලේනෙ බංඩියා අතයට ගහල.."

              හැම බණකම වාගේ සුවඳෙට එක මිහිරි පදයක් නං ඇහුනා..  අත් හැරීම.. සියල්ල! ගෑණිත්..!

              සුවඳසේනත් හිතට ගත්තා.. සියල්ල අත් හරිංට. ගෙදර ගිහිං නෝනටත් කිව්වා.. නෝනත් හිතා ගත්තා:
             "මීට පස්සේ.. තමුසෙට කහට කෝප්පයක් වත් මං නෙවෙයි හදන්නේ.. මාත් ඒ ඔක්කොම අත් හරින්නං.. තමුසේ එහෙම නං.."

                                                  simple "s"
2018.04.20

No comments:

Post a Comment