"කොහිල...." අංක 01.
ඉස්සර මිනින්දෝරු මහත්තුරු ඈත ගම් වල, කැලෑබද ප්‍රදේශවල එහෙමත් කඳවුරු වල ඉඳල රාජකාරි කෙරුවා. ආන්ඩුව වෙනුවෙං ඉඩම් මැනල පිඹුරු, නොහොත් සරළව කියනවා නං ප්ලෑන් ඇඳල දුන්නා. කැලේ මැද්දේ හරි කෙලිං තියෙංට පාරවල් වාගේ ලයිං කපල එව්වා දිගේ අර දුර බලන කන්නාඩිය, telescope එක වාගේ එකෙං බලල මොනවාදෝ ලියා ගන්නවා. ඒ කන්නාඩියට තියඩෝලයිට් කියල කිව්වේ. ඒ වෙලාවේ තව එක්කෙනෙක් තඩි කුඩේකුත් අල්ලනවා... ඉංජිනේරු මහත්තයටයි කන්නාඩියටයි හෙවන වෙංට. ඊට පස්සේ , කුකුල් අඩිය මාක් එක කෙටුව අඩි දෙකක් විතර උස අඟල් හතරේ හතරේ විතර ගල් කනුවක් වැලලුවා. ගල් පොත්තක් උඩ නං වැඩේ කෙරුවේ ඒ ගල් පොත්තක් උඩ ගල් කටුවෙං ඒ මාක් එක කෙටුවා.
මං හීං එකා කාලේ අපෙ ගමෙත් ඔය කඳවුරක් ඒ කියන්නේ survey camp එකක් තිබ්බා. මුලිංම ආසා වුන ගුරුවරයට පස්සේ දැක්ක ඒ ඉංජිනේරුවෙක් (එහෙමයි හැඳින්නුවේ..) වෙංට මටත් ආසා හිතුනා. ඒත් 1966 දී වයස මාස හයක් මදි වෙල ඒ ආසාව හීනයක්ම වුනා.
1968 දී ඔය කරන මූලික දේවල් ගැන මටත් ඉගෙන ගංට වුනා. කොලඹ බේස් ලයින් පාරට ඒ නම ලැබුන ඉතිහාසය ගැන දැන ගත්තෙ ඒකෙදි. මුලිංම කොළඹ ටවුම මණිංට (survey කරංට.) යොදා ගත්ත Base line එකලු ඒ, කෙලිං පාරක් වුනේ. ඔය මහ කැලෑවලුයි අපෙ වතුයි අර චීනක්කන්නාඩියෙං බල බල ඉන්න එක විතරක් නෙවෙයි, 1800 ඉඳල ඔය මිණුං දෙපාර්තමේන්තුවෙං කරල තියෙන්නේ. අපි හැම දෙනාටම වැදගත් වැඩ මහ ගොඩක් ඒ අයගෙං කෙරෙනවා.
අනේ 69 දී අපි දෙතුන් දෙනෙක්, එකටම හිටිය අහිංසක මිණින්දෝරු කෙනෙකුට (ඒක තමයි හරි තනතුරු නාමය.), මම කේන්දර බලංට දන්නවා කියල ලණුවක් දුන්නා. කවුරුත් කැමතියිනෙ අනාගතය කොහොමද, SPBR කෙනෙක් නං ඒ සෙට් වෙල ඉන්න කෙල්ලම බඳිංට ලැබෙනවද, අර විභාගේ පාස් වෙයිද, ගෙයක් දොරක් හදා ගංට පුලුවං වෙන්නේ කවද්ද වාගේ දේ දැන ගංට. හැබැයි වාහන පිස්සුව නං ඒ අයට ඒ වෙනකොට බෝ වෙල තිබුනෙ නෑ.
කෙටියෙං කියන්නංකො. මෙයා කැලේ කොලේ රාජකාරි කරන්නේ දවල් කාලේ හින්දා "සතා සරුපයාගෙං රෑට කිසිම ආපදාවක් නෑ... කකුල දුන්නටවත් දශ්ට කරන්නෙ නෑ." කියල මං මෝඩ පලාපලයක් කිව්වා. සතියක් ගියෙ නෑ.. මේකා රෑ ක්ලබ් එකේ ඉඳල එනකොට මොකෙක්දෝ සර්පයෙක් ගැහුවෙ නැතෑ. එයා මැලේ හිංදා හොඳම කුණු හරුප දන්නෙ නෑ. දන්න ටික එක්ක බුසල් ගානට බැනුං ඇහැව්වා. ඒ විතරක් නෙවෙයි.. කට්ටිය කොල්ල කෑව මොනවාදෝ බෝතල් දෙකක් වමාරංටත් තරං වුනා...!
ඉතිං ඔය හුඟක් ඇත්තෝ යස කැන්වස් රෙද්දෙං කූඩාරං එහෙම ගහගෙන, ඒ වාගෙම ගනකං රෙදි දාපු යකඩ බූරු ඇඳං තියා ගෙන හරිම විනෝදෙං හිටියට හරියෙට දුක් වින්දා. දැනුත් එහෙමද මං දන්නෑ. කැලෑවෙයි හැම තැනම ගෙවන ඒ දුෂ්කර ජීවිතය හිංදම සහායට කම්කරු මහත්තුරු ලොකු "පාටියක්ම" දීල තිබුනා. අර කැළෑවේ ඉංජිනේරු ලයින් කපංට, ගල් අදිංට, වලලංට වාගෙම ඉවුං පිහුං කරල දෙංටත්. මයෙ යාලුවෝ ගොඩක් හිටියා ඔය සේවයේ. සේනාරත්නත් ඔය හැම දෙනාම ගන්න පීපී ලයිසන් එක ඇන්න තවම වැඩ. එක කාලෙක එයාට හිටිය කෝකියට ටිකක් මොලේ දුර්වල කමක් තිබුනා. ඒ කෑම්ප් එක කාගෙදෝ පරණ ගෙදරක්.
දවසක් රෑ නින්ද යාගෙන එනකොට සේනට ඇහෙනවා කෝකියා ඉන්න කාමරේ පැත්තෙං 'ඩොහ් ඩොහ්' සද්දයක්. මේක නවතින්නෙම නෑ. බැරිම තැන සේන ගිහිං බැලුවා. මළ කෙලියයි, කෝකියා යකඩේකිං බිත්තියක් කඩනවා. ඒ වෙනකොටත් මහ පදාසයක් කඩල.
"මොකද ඔය කරන්නේ..?"
"සර්, අදත් මයෙ දුංකල කෑල්ල ඇන්න මේක අස්සට රිංගා ගත්තානේ මීයා."
"අයිසේ ඒකට කියල ඔය බිත්තිය ඔහොම කැඩුවම හොඳද? ඊටත් මේ වරිච්චි බිත්තිය. අයිතිකාරයා දැක්කොත් අපි ඔක්කොටෝම මේ ගෙදරින් යන්න වෙයි." සේන තරහ ගන්න කෙනෙක් නොවුනත් තරමක තරහක් පෙන්නා ගෙන ඔය ටික කිව්වේ.
"මොකද ඔය කරන්නේ..?"
"සර්, අදත් මයෙ දුංකල කෑල්ල ඇන්න මේක අස්සට රිංගා ගත්තානේ මීයා."
"අයිසේ ඒකට කියල ඔය බිත්තිය ඔහොම කැඩුවම හොඳද? ඊටත් මේ වරිච්චි බිත්තිය. අයිතිකාරයා දැක්කොත් අපි ඔක්කොටෝම මේ ගෙදරින් යන්න වෙයි." සේන තරහ ගන්න කෙනෙක් නොවුනත් තරමක තරහක් පෙන්නා ගෙන ඔය ටික කිව්වේ.
කෝකියා එලිය වැටෙන කල් අර බිත්තිය ආපහු හදල. උදේ බලනකොට කැඩුවද කියල හොයංටවත් බැරි වෙංට, මැටි ගහල... කපරාරු කරල... විට කංට ගෙනාව හුණු දිය කරල හුණුත් ගාල!
හොඳම ටික ඊට පස්සේ. පහුවදා ඉඳල සතියක්ම දවසේ තුං වේලටම සේනට කංට බොංට වුනේ කොහිල!
(මතු සම්බන්ධයි.)
simple "s"
2019.09.12
පින්තූර අන්තර්ජාලයෙන් .
2019.09.12
පින්තූර අන්තර්ජාලයෙන් .
No comments:
Post a Comment