Monday, November 26, 2018

උඩගෙදර කතා 81 (මමයි කොන්ඩ කුරුල්ලයි)


"මමයි.... කොන්ඩ කුරුල්ලයි....."

"අනෙ මේ... බොහොම අමාරුවෙන් තුට්ටු දෙකක් හදාගෙන මේ ගේ පොඩ්ඩක් රෙපයාර් කර ගන්න කියලා හැදුවේ... ඔහෙටත් හරියටම ඒක අස්සෙම... මේ වෙලාවෙම අටවන්න ඕන වුනා. "
"පිස්සුද...? ඔහෙටත් ඕන වුනේ මේ අස්සෙමයි...  මමත් මේ බොහොම අමාරුවෙන් ආරක්ෂාව තියෙන තැනක් හොයා ගෙන..."
"ඉතින් මගෙ ගේ අස්සෙම ඕක හදන්න ඕනද?"
"මේ.. මේ.. මොකක්ද ඒ මගෙ ගේ කතාව?"
"ඇයි..? මේක මගෙ ගේ තමා. ඔප්පුවකින්ම... "
"ඒ කතා විකාර, ඔප්පු බැරිනං ඕන එකක්, මේ කොතනත් මටත් අයිතියි..... ඔහෙටත් අයිතියි. ඒක එක එක්කෙනාට වෙන් කර ගන්න බෑ..කැමති නං දෙගොල්ලොම ඔහොම ඉදිමු. බැරි නං කැමති තැනකට යන්න."
              (ඉතිං අපි දැන් සමාදානයෙන් ඉන්නවා...  බාස්ලා එන්නේ යලට මහට හින්දා ඇදි ඇදී යන මගේ -කියන්නත් බයයි ඒ වචනේ - ගෙයි වැඩ කොටසක් මේ 'අයියා' හින්දා තව ටිකක් පමා වේවි. )

No comments:

Post a Comment