(වැහි) කන්න දෙකක් තියෙනවා. යල... මහ.
වතු ... හේන්.. මාස් කන්නෙදි වවන්නේ. වැඩියෙන්ම. ජූලි විතර වෙනකොට මේවා ඉවරයි. කන්න දෙකම වැඩ කරන කුඹුරක් තියෙන්නේ කලාතුරකින්. ඒ යල් කුඹුරක් වැඩ කර ගන්න ගොවියටත් නිවනක් නෑ. අහස දිහා බල බලා හූල්ලන්ට වෙන කාලවල් බොහෝමයි.
යල් කාලෙට ගෙවල් ආසන්නයේ කුඹුරු වල එලවලු හිටවනවා. සෑම වර්ගයක්ම වාගේ. එක්කෝ ඉඳහිට වැටෙන යල් වැස්සකින් මේවා පෝෂ්ණය වෙන්නේ. නැත්තං ආසන්න කුඩා ඇල පාරක එන වතුර ටිකක් හරවාගෙන ඒවා ඉහලා. බාග වෙලාවට අතෙන් හරි කරෙන් හරි ගෙනත් ඉහලා. කොහොම වුනත් මේ කාලේ එලවලු සරුවට වවන්ට පුලුවන්.
ඊයේ ගමේ ගියා. වැඩියා නෙවේ! දානේකට. (ඒ ගැනත් පස්සේ!) කාලයක් කොයි තරම බැඳීමක් තිබුනත් ඊයේ ගමේ මගෙ ගෙදර පැත්තටවත් යන්ට බැරි වුනා. දැන් ඒකට ඔය විශේෂණ පදය එක්කරන්ට පුලුවන්ද දන්නෙ නෑ... මමවත්. ඒක සුරුට්ටං දානංච, දස දහස් සුරුට්ටං ලබ්බති...!
ඔය ගේ තියෙන්නෙත් මේ කතාවට පාදක වන කුඹුර අද්දරම. ඇල කඳුරකින් විතරයි වෙන් වෙන්නේ. ඒක වවලද නැද්ද දන්නෙ නැතත් ගංගොඩ, ගොඩ කුඹුර හරියෙන් යන කොට දැක්කා, පාර අයිනේ කුඹුරු වල වවලා. ගෙඩි ගෝවා, ලීක්ස්, නෝකෝල්, මිරිස්, රතු ලූනුවගේ ඒවා. එක තැනක පඹයෙකුත්!
දැනට අවුරුදු හතලිස් පහකට ඉස්සර මේ. උඩරට එලවලු නමින් හඳුනවන ඒවා ඒ කාලේ අඩුයි. මාස් කන්නයේ වී වගාවට කුඹුර, අයිතිකාරයට ආපහු දෙන්ට ඕන. ඒ හින්දා හොඳම, ඒ කෙටි කාලීන වගාව තමයි. නැත්තම් ගස් වැල් ගලවලා සුද්ද කරකොට දුකයි. පලදාව තියෙන ඒවත්.
හැත්තෑ දෙකේ මම හිටියේ ගමේ. මේ යල. ගෙදර ලඟ වෙලෙත් කොලදිං ඉවරයි.
හොඳ පිළිවෙලට එලවලු කොටුවක් හදන්ට මටත් ආසාවක් ආවා. ගිනිසීරියා කෝටු කපාගෙන ආවා. හොඳ තැනක් බලලා කොටුව වැට බැන්දා. විහිත චතුරශ්‍රයෙන් බලලා වාගේ හතරැස්. එක උසට වැටේ ලී. කොනකින් ඉදිකඩක්. දැන් උදේ දවල් හැන්දෑවේ කොටුවේමයි. රූපේ, වීරේ, සමරේ, චාලි මල්ලිලා ආවත් කොටුවේ. දෙපැත්තේ කාණු කැපුවා. ඒ පසුත් ගොඩ කරලා දිග පාත්ති කීපයක් සකස් කෙරුවා. පස් උලුප්පලා එකින් එකේ, කෙලින්ම බිම හිටවන ඇට ජාති හිටෙව්වා. ගස් බෝංචි, බන්ඩක්කා, බුෂිටා, රාබු, රතු ලූනු වගේ. එක පාත්තියක තවාන්. මිරිස්, බටු, තක්කාලි, නෝකොල්. ඒවා උඩින් තුනී පිදුරු තට්ටුවක්.
මේ වෙනකොට රටේ ආහාර හිගයේ තරම.. දැන් හිතා ගන්ටවත් බෑ. පපුව පත්තු වෙන කතන්තර කොච්චර තියෙනවද! ඒ හින්දමද කොහෙද ඔය කෘෂිකර්මේ මහත්තුරු මෙහෙම වවන අය හොයාගෙන ගිහින් උපදෙස් දෙනවා.. බීජ වර්ග දෙනවා... වැඩ ගොඩයි. මටත් දුන්නා විශේෂ බීජ වර්ගයක්. ඒ වෙනකොට වැඩිය ප්‍රචලිත වෙලා නෑ. සෝයා බෝංචි...! පැකට් තුනක් දුන්නා. පොඩි ලේබලේක නම් ගහලා තිබුනා. එකක් විතරයි මතක. ත්‍රයිනූන් (trinoon). මේක ත්‍රයි නූං (tri nung) ද හරියටම මතකත් නෑ. මට මතක ට්‍රයි නූන් කියලා. (දිනපොත් බැලුවොත් නම් හරියටම කියන්ටත් පුලුවන්!) මේ ඇට වල පාට ටික ටික වෙනස්. මේ තුන් වර්ගයත් වෙන් වෙන්ව හිටෙව්වා. ඒ අය කියා දුන්න හැටියට ඒ කාලෙත් එලවලුවක් හැටියටත් අයිස්ක්‍රීම්, ටෝෆු, කිරි වගේ ආහාර පාන ගොඩක් හදන්ටත් සෝයා ගන්නවා.
දැන් දවස් පතා වතුර දානවා. එක්කෝ උදේ, නැත්තම් හවස. මුල් දවස් වල දෙසරෙම. ඒකත් ඉල ඇදෙන වැඩේ. ඉඳහිට යල් වැහි ඇල්ලක් වැටුනොත් නම් එක සැරයක්වත් ඕන නෑ. වතුර ගත්තේ ඇලේ කැපුව පුංචි ලිඳකින්. තවන් වලට වතුර දැම්මේ අඩිය ඇණේකින් කොටලා කොටලා හිල් හදා ගත්ත ටින් එකකින්.
ටික දවසක් යනකොට.... ආයිෂ් අප්පා... හැම ඇට ජාතියක්ම මුල් ඇදිලා, දෙපෙත්ත හරි තනි පෙත්ත හරි පොලවෙන් එලියටත් ඇවිල්ලා. රතු ලූනු කොල අඟල හමාර උඩට මතුවෙලා. ඔය වෙනකොට "ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි" කියලා ලංගම බස් වල බෝඩ් වදින්ට කිට්ටුයි විතරයි. ඒකයි රතු ලූනු කොල "අඟල හමාර..." උඩට මතු වුනේ. වතුර දැම්මේ හරි පරිස්සමෙන්. ඇට ජාති එහෙට මෙහෙට වෙයි කියලා. අපෙඅම්මයි අප්පච්චියි දෙන්නටත් සන්තෝශයි. මට තරමටම! මේ කටයුතුත් මගෙ අප්පච්චිගෙ කෘෂි කර්ම පාඨමාලාවෙන්ම දැන ඉගෙන ගත්ත දේවල්මයි. අඩු වැඩි වශයෙන්.
ටික දවසක් යනකොට.... ආයිෂ් අප්පා... හැම ඇට ජාතියක්ම මුල් ඇදිලා, දෙපෙත්ත හරි තනි පෙත්ත හරි පොලවෙන් එලියටත් ඇවිල්ලා. රතු ලූනු කොල අඟල හමාර උඩට මතුවෙලා. ඔය වෙනකොට "ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි" කියලා ලංගම බස් වල බෝඩ් වදින්ට කිට්ටුයි විතරයි. ඒකයි රතු ලූනු කොල "අඟල හමාර..." උඩට මතු වුනේ. වතුර දැම්මේ හරි පරිස්සමෙන්. ඇට ජාති එහෙට මෙහෙට වෙයි කියලා. අපෙඅම්මයි අප්පච්චියි දෙන්නටත් සන්තෝශයි. මට තරමටම! මේ කටයුතුත් මගෙ අප්පච්චිගෙ කෘෂි කර්ම පාඨමාලාවෙන්ම දැන ඉගෙන ගත්ත දේවල්මයි. අඩු වැඩි වශයෙන්.
"හොඳ වෙලාවක් බලල එපායැ හිටුවංට.." කව්දෝ එක්කෙනෙක් දෙන්නෙක් කිව්වා. මොන වෙලාවල්ද..?
මම අර කාලයක් තිස්සේ කොච්චරවත් හොයන "The Village That Wouldn't Die." නව කතාව මම ඒ වෙනකොට කියවලා. ලංකාවටම ගැලපෙන ඉස්තරම් ප්‍රබන්ධයක්. වියට්නාම් විමුක්ති අරගලය කාලේ. ඒ රටේ ගමක තරුණයෙක්. තරමක් වෙනස් කෙනෙක්. හෝ මාමා ලුනු ගේනකල් බලා ඉන්න ගමක්. ඔහු, ඒ හුදකලා ගම නිවැරදි අලුත් මගකට ගේන්ට වලි කනවා. ඒ වනතුරු කාගෙවත් විධිමත් මග පෙන්වීමක් නැතිවම. මේ අතරේ තරුණයා හොයාගෙන එන ක්‍රියාකාරී විමුක්තිකාමීන් ගමට එන්ට මහන්සි ගන්නවා. ඒත් එයා ඒක වලක්වනවා. ගම "කිළිටි" වෙයි කියන බයට. "ඔය මහත්තුරුන්ට අපේ ගමට යන්ට බෑ. කූඩැල්ලෝ ඉන්නවා. පාරවල් අමාරුයි. ලිස්සනවා." ඒ වගේ දේ එයා කියනවා.
කොහොමහරි මේ වෙනකොට ගමේ අය හුරු වෙලා හිටියේ නැකත් බලලා ගොවිතැන් කටයුතු ආරම්භ කරන්ට. ඒකමයි ගොවිතැන් හානියට බල පෑවේ, බොහෝ විට. මොහු මේ සම්ප්‍රදාය දිගින් දිගටම බිඳිනවා. අනික් අයටත් වටහා දෙනවා. අන්තිමට කොල්ලා ජයග්‍රහණය කරනවා. අපේ මේ කතා නායකයාට නොපෙනෙන්ට ඔහු පිටු පස සිටි, හෝ මාමාගේ අයත් දිනනවා. "හෝ මාම"ත් දිනනවා...! ඇයි... මාත්!
කොහොමහරි මම ගත්ත නැකතක් නෑ!
තවාන් වල පැලත් ගලවලා ස්තිර බිමේ හිටෙව්වා. එක වල් ගහක්, ගල් කැටයක් නැති වෙන්ට සුද්ද කරලා කොටුව පිළිවෙලට. සාත්තුව හොඳට. වතාවක් දෙකක් රතු ලූනු කොල ගස් වලින් ගලවාගෙන (ඒ කියන්නේ පතුරු ගහගෙන) කෑමට ගත්තා. නෝකෝල් ගෙඩිත් තැනින් තැනින් ගලවා ගත්තා. නෝකොල් ගොඩාක් ලොකු ගෙඩි හැදුනේ. අවේලාවේ වැහි පොදයක් එහෙම වැටුනොත් නෝකෝල් ගෙඩි පුපුරනවා. ඇස්වහ කටවහ කියලා සමහරු කීවා. දැන් දැන් ලස්සනට නිල්ල ගහලා පොලොව වැහෙන්ට සරුවට වැවිලා තියෙන කොටුව බලන්ට ලස්සනයි. මෙන්න අර ඇස්වහ කටවහ මගෑරෙන්ට කරන්ට දේත් යෝජනා වෙනවා..!
ටික දවසකින් අපෙ එලවලු අවශ්‍යතා ලොකු කොටසක් පිරි මැහෙනවා ඔන්න. අහල පහල අයටත් ටික ටික..! මට පැලෙන්ට සන්තෝසේ...!
මේ වෙනකොට සෝයා බෝංචි ගස් වල කහපාට මල් හැදිලා පර වෙලා හැලිලා අඟල් තුනේ හතරේ කරල්. කීප දවසකින් ඇටත් බේරිලා. දැන් කොල කහපාට වෙවී හැලෙනවා. "වර්ග තුනේ ඇට වෙන වෙනම ගන්ට ඕන. ඊලඟ සැරේට බිත්තර බීජ වලටත් හොඳයිනෙ.." මම සැලසුම් කරනවා.
එක දවසක් මහ දවල් මෙන්න අහස දං ගෙඩියට කලු කරනවා. වැස්සක් අත ලඟ. හොඳට ගස් පිටින් වේලිලා තියෙන සෝයා බෝංචි ටික තෙමුනොත් නං මහන්සිය වතුරේ. කකා හිටිය කෑම එක පැත්තකට දැම්මා. අපෙ අම්මයි අප්පච්චියි මායි (උදව්වට තව කවුරුත් ආවද මට මතක නෑ.) සෝයා ගස් පිටින් ගලව ගලවා මිටි මිටි ගෙදරට අරන් දිව්වා... කලවමේම. අර වෙන් කිරීමත් ඉවරයි... පිළිවෙලත් ඉවරයි...! අනේ ත්‍රයි නූං!
(කොටුව සුද්ද කරලා වැට ගලවන්ට කලින් අපි කොටු එලවලු කෑමට ගත්තා, තව බොහොම දවස්. මිනිසුන්ටත් දුන්නා.
මේ මෙයට අදාල නැති කතාවක්. ගමේ හිටිය කාලෙම මම තම්පලා විශේෂයක බීජ ගෙනත් ගමේ ප්‍රචලිත කළා. අදත් ගමේ සමහර අය ඒවා, '.......අයියගෙ තම්පලා' වගේ විශේෂණ පදයක් එක්ක හඳුන්වනවාලු. " කිරිහැන්ද "
මේ මෙයට අදාල නැති කතාවක්. ගමේ හිටිය කාලෙම මම තම්පලා විශේෂයක බීජ ගෙනත් ගමේ ප්‍රචලිත කළා. අදත් ගමේ සමහර අය ඒවා, '.......අයියගෙ තම්පලා' වගේ විශේෂණ පදයක් එක්ක හඳුන්වනවාලු. " කිරිහැන්ද "
simple "s"
2018.08.25
No comments:
Post a Comment