Saturday, December 1, 2018

උඩගෙදර කතා 50 (බර්ටියගෙ අලකලංචිය)


                        "බර්ටියගෙ අලකලංචිය.."

සුද්දත් ඇරියෙ නෑ....                 අංක 02.

              "අමු අඹ "...

             ංහා... හපනා නම් මේ සරළ වචන දෙක, අකුරු අතරේ ඉඩ තියන්නෙ නැතිව එක දිගට දහ සැරයක් කියන්න. වරදන්නෙ නැතිව කීවොත් (නොකීවත්..!) අද කියනවා මේ වගේ තව "දිව උළුක් වෙන" ඒවා කීපයක්..

               ඔයෙ "ලිපිකරු" සේවය ... ඇත්තටම සේවය නෙවේ, තනතුරු නාමය අතුගාලා දාන්න කලින් ඉංග්‍රීසි වචන දෙකක් භාවිතා කරන්න වුවමනා වෙලාවල් තිබුනා..  පළමු වචනය කියලා හුස්මක් හෙම අරගෙන මිස දෙවැනි වචනය කියන්න මට කවදාවත් පුළුවන් උනේම නෑ! ඒ
"Central clerical.."

               අන්න ඒවාගේ තව දිව උළුක් වෙන සිංහල කියමන් අපෙ ඇත්තෝ එකතු කරලා තිබුනා..

"අරළු දර බුළු දර", "චූටි ටීචගෙ චූටි ටෝච් එක", "එක කළු කිකිළිට එක කළු කුකුළයි එක කළු කුකුළු පැටියයි" වගේ..
               මේක දැක්ක සුද්දත් ඇරියෙ නෑ.... , "tongue twisters" කියලා නමකුත් දාලා එයත් හැදුවා තව කියමන්.. මෙන්න මේ වගේ:

"She sells sea-shells on Seychells sea shores.", 

"Birty bought a bit of butter
Birty found the butter bitter
Birty bought a bit of better butter
To make the bitter butter better.."

"He who knows not and knows not that he knows not;
He is fool, shun him.
He who knows not and knows that he knows not;
He is simple, teach him.
He who knows and knows not that he knows;
He is asleep, wake him.
He who knows and knows that he knows; he is wise,
Follow him."

            මේවා, පුනරුච්චාරණයේ (alliteration) උදාහරණ හැටියටත් දෙනවා. පුනරුච්චාරණයක්, "දිව උළුක් වෙන" (tongue twister) කියමනක් වුනාම.. පොඩි අමතර විනෝදයක්!

                                                      simple "s"
2017.12.25

                                                      
               
             

No comments:

Post a Comment