Saturday, December 15, 2018

උඩගෙදර කතා 104 (කලුකම්බේරිය/තැම්බේරිය)

"කලුකම්බේරිය/තැම්බේරිය"

නාඳුනන අයට විශේෂයෙන්...

මේ දිනවල සීතල දේශගුණයත් සමඟ, වයස් භේදයකින් තොරව තොල් දිව වැනි සියුම් තැන් පිපිරීම සිදුවේ. ඉතා වේදකාරී ය. එයටත් කට වණවීම වශයෙන් හඳුන්වන තොල් දෙපස සුදු පැහැයට තුවාල වීමටත් ඉතා ගුණදායක ය. ඖෂධයක් වශයෙන්ම නොව, සාමාන්‍ය වෑංජනයක් හැටිය ද රසයෙන් ගුණයෙන් යුතු වේ.

මැල්ලුම, වෑංජනය, තෙල් දැමීම හා සලාදය හැටියට සකස් කරගත හැකියි. තෙල් දැමීමේදී තල තෙල් හෝ  එළඟිතෙල් හෝ යොදා ගැනීම වඩාත් ගුණයෙන් යුතුයි. සලාදය සඳහා ඇඹුලට තක්කාලි යෙදීම රසවත් වුවත් ඉහත රෝගී අවස්ථාවලදී සුදුසු නොවේ.

හීං තක්කාලි යන්න ද ප්‍රාදේශීය භාවිතයකි. සාත්තුවකින් තොරව වැවේ. නැවුම් පසේ හා වියළි ප්‍රදේශවල සරුව හමුවේ.

                                                       simple "s"
2018.12.16

No comments:

Post a Comment