Sunday, December 2, 2018

උඩගෙදර කතා 73 හෙට මතකයට)

                            "හෙට මතකයට.... "

නුදුරු දා මා යාවි....!
ඔබට මා තියා යන
දිළිඳු සම්පත් අතර
හමු වේවි සුදු හුයක්...

එපා බය වෙන්න
ශාපයක් යැයි කියා ....!

ඩෙබියුටාන්ට් සුවඳ
මුල් වරට තිළිණ කළ
දැනේවි මොහොතකින් ...
මෙතෙක් නොකියූ රහසක්ය මේ ...

අයයිතියෙන් බැහැර කළ
නූල් පොටක් කාගෙදෝ ...
අකුරක හැඩයට
වැතිර කළු තාර පාරේ

ඔබ නමේ
මුල'කුරයි ඒ අකුර
දශක ගනන්‍ රැක ගතිමි
ඒ රුවැති ඇසුරුමේ..
                                                          simple "s"

No comments:

Post a Comment