Sunday, December 2, 2018

උඩගෙදර කතා 65 (සෙකියුරිටි)

"සෙකියුරිටි"

නං...........                             12

             මුරකාරයා කියන එක්කෙනා දැං නෑ. ඒ වෙනුවට ඉන්නේ මුරකාරයටත් වැඩිය රැස්පට් සෙකුරිටි. යුනිපෝං එකකුත් ඇඳගෙන. ඒත් මුරකාරයම තමා!
             වැන්ඩවට් කන්තෝරුවේ ලොක්කා. වැන්ඩවට්ගෙ නිල නිවස තිබ්බේ ඒ ගොල්ලංගෙ ස්ටේඩියම් එකක් ලඟම. ඒකේ මුරකාරයා, කාසිම් ඉඳහිට වැන්වට්ට පොඩි පොඩි පුද්ගලික උදව්ත් කරනවා.
              එදා සෑහෙංට සීතල දවසක්. වැන්ඩවට් ගෙදර ගෙනත් තිබුන බඩුත් ඉවර වෙල. ගැහුවා පොඩි ප්ලෑන් එකක්.
"මචං, මම කාසිම් එවන්නං. බාගයක් අරං හොඳට ඔතල එයාට දීපං.." වැඩේ සෙට්ල්..!
"කාසිං, අර රත්නායක මහත්තයලගෙ ගෙදර ගිහිං, එයා පාර්සලයක් දෙයි, ඒක අරං එන්න."
"හරි සර්, ඒත් මෙතන?"
"මං කෙනෙක් දාන්නං, බයවෙන්න දෙයක් නෑ."
              කාසිං ගිහිං විනාඩි පහක් නෑ.. තඩි ජීප් එකක් ඇවිත් බ්‍රාස් ගාල කොට්ටම්බා ගහ යට නැවැත්තුවා. බැහැල ආවේ හැඩි දැඩි මහත්තයෙක්.
"කාසිං කියන්නෙ ඔහේද?"
"ඔව්.." මහත්තයා දුං දානවා... බනිනවා, බනිනවා... හවස ගේට්ටුව වැහුවට පස්සේ, ස්කූල් බෑග් එක දාල ගිය එයාගෙ පුතාට ඒක ගංට වැහුව ගේට්ටුව ඇරියෙ නැතිලු. "යකෝ උඹ මුරකාරයා, මහ රජ්ජුරුවෝ නෙවෙයි. මෝඩ හැත්ත, ඔලුව උදුම්මා ගෙන. මෙව්වේ වැඩ කරංට තේරෙන්නෙ නැත්තං පව් නොදී ගෙදර පලයව්..මිස්ටර් වැංඩවට් මගෙ යාලුවෙක්. මං හෙටම රිපෝට් කරනවා..ඒත් ඉතිං ඌටවත් මොලයක් තියේද මංදා"
                ආදේශක මුරකරුට වැඩිම බය තිබුනේ මේ අතරේ කාසිං ආපහු එයි කියල. මහත්තයා තව බැනල බැනල ගියා.
                පහුවදා උදේ වැන්ඩවට්ගෙ ඔපීස් එකට ආව මහත්තයෙක් මේ:
"මට ලොකු පැමිනිල්ලක් කරන්න තියෙනවා.."
"මේ මහත්තයා කව්ද?"
"මගෙ නම වර්ණකුලසූරිය."
                මේ මහත්තයා එයාගෙ පැමිණිල්ල කියවනවා. තැනිං තැනිං කියවුන දේවල් මෙහෙමයි:
"වැදගත් කෙනෙක්ගෙ දරුවෙක් හොඳින් කි‍යලා කරන ඉල්ලීමක් අහන්නවත් බැරිතරම් අහක්කාරකම. ඊයෙ රෑ මේ ගැන අහන්න මම ගියාම මටත් හොඳටම බැනලා තර්ජනය කෙරුවා. එහෙම කරන්න හොඳ නෑ. අපෙ බදු මුදල් වලින් පඩි ගන්න අය... "
"මේ ගැන ඉක්ක්වයරි එකක් කරන්න වෙනවා මට පේන්නේ.. මහත්තයට ශාක්ෂි තියේද?"
"ශාක්ෂි නම් නැහැ. ඒත් මට ඔප්පු කරන්න පුලුවන්.."
"ඒ වුනාට මහත්තයෝ.. මේ මනුස්සයට ශාක්ෂි තියෙනවනෙ. උදේම මේ ගැන මට කීවා.. ඒ විතරක් නෙවේ එයාගෙ ෆෝන් එකේ රෙකෝඩ් කර ගත්ත මේ කතාවත් ගෙනාවා. මං මගෙ ෆෝන් එකටත් කොපි කර ගත්තා... මේං අහන්න."
             වර්ණකුලසූරිය මහත්තයා කලිං දවසේ කිව්ව මුල් වචන තුන හතර ඇර ඔක්කොම ඒකේ.. එයාගෙ කතාව අවසාන කරලා තියෙන්නෙ මෙහෙම:
"මෙව්වේ ලොකු එවුං කියල ඉන්නෙත් මී හරක්. වැඩක් කරන්නැති පගා කාරයෝ.. මේ තැං වලටවත්  මොලේ ඇති එව්ං දාන්න තරම් උංටවත් මොලේ කලඳක් තිබුනා නං!"
                                               simple "s"

No comments:

Post a Comment