Wednesday, December 5, 2018

උඩගෙදර කතා 03 (කොඳ)

                                    "කොඳ ... "

මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්    (අංක  03)

                 සඳුදා...  එදා උදේ එහා වත්තේ මාමා එක්ක අප්ප්ච්චී කතාවක්...  වැටේ දෙපැත්තේ ඉඳලා ...

"මල්ලි, ඊයෙ සන්දෙට බටු තක්කාලි ඇන්න ගිය අයටත් ගානකට දෙංට බැරිවෙල.."
"කීයයිලු ද..?"
"බටු රාත්තල සත පහලු."
"තක්කාලි?"
"සත හතරයි.. බන්ඩක්කා සද්දෙකයි ... මෑකරල් සත්තුනයි.. බටු හතරයි.. ඔහොමලු.."
"ගමටම එන මර්ජාන්ට දෙන එක ලාබයිනෙ .. මාන්සියකුත් නෑ.."
"මං හිතා ගත්තේ කොඳ වේලනවා කියල.. මේ දවස් දෙක තුනේ අව්වත් තියෙනවනෙ " එහෙම කිව්වේ අප්පච්චි.

               ඒ කතාව ඉවර වෙනකොට මට ප්‍රශ්ණ දෙකක්..
"අප්පච්චි කොඳ කියන්නේ මොනවද..?"
"ඔයෙ වාගේ ව්කුණාගංට බැරි වුන.. වැඩි වුන .. එහෙම එළවලු තියෙනවනෙ.. එව්වා අව්වේ වේලලා ගන්න ඒවට තමයි කොඳ කියන්නේ.. බෝම කාලෙයක් තියා ගංට පුළුවං..."

"එව්වා ඇයි ඉතිං.. අප්පච්චී...?"
"එළවලු හිග කාලෙට එව්වා කෑමට ගංට පුලුවං.."

"වෙන මොනවද ඒ වගේ වේලලා තියා ගංට පුලුවන්..?"
"කරවිල, මඩු කොල එහෙම.. මඩු දලු කොල.."
"කොහොමද වේලන්නෙ අප්පච්චි... නිකම්ම අව්වට දානවද..?"
"නෑ.. නෑ.. හීනියට කපල ටිකක් උනුහුං ගස්සල පැදුරු වල දාල අව්වේ දානවා.."

"අපෙ ගෙදර එව්වා නැද්ද අප්පච්චී..?"
"ඇයි නැත්තේ.. මයෙ පුතාට මතක නැතුවට අපි කාලත් තියෙනවා.. හරි රසයි.. "
"ඉතිං එව්වා උයන්නේ කොහොමද.. ?"
"හොඳට පැහුන උණු වතුරට දාල ටික වෙලාවක් තියනවා.. ඊට පස්සේ ඇල් වතුරට දානවා..හොඳට සෝදලා  මිරිකලා ගන්නවා.. මිරිස් තුන පහ අත ගාලා වතුර ටිකම ටිකක් එක්ක පැහෙන තෙල් ටිකකට දාලා ඉදෙංට ඇරල ගන්නවා.. තක්කාලි කොඳ ටිකක් එකතු කරල අනික් කොඳ ජාති හැදුවම තව හොඳයි. කොස් දෙල් දෙකත් මේ වාගේ වේළලා තියා ගන්නවා. ඒවට නං කොඳ කියනවට වැඩිය අටු කොස් කියලයි කියන්නේ."
"දෙල් වලට... අප්පච්චි ?"
"දෙල් අටුකොස්... "

                   *                        *                   *

"අපෙඅම්මා අපෙඅම්මා.. අද මට කොන්ද හදල ඕන." ගෙදර ගිය ගමන්ම මං අපෙඅම්මට කිව්වා..
"මොකක්..."
"අර බන්ඩක්කා වට්ටක්කා එහෙම වේලල ගන්නේ.. අන්න එව්වා.. කොන්ද... කොන්ද... "
"කොන්ද නෙවේ මයෙ පුතා... කොඳ.. කොඳ.." මගෙ ඔලුව අත ගගා අපෙඅම්මා කිව්වා
  අනික.. වට්ටක්කා එහෙම වේලන්නෙ නෑ.."
"අන්න හරි.. එව්වා තමයි.."
"අපෝ හදල දෙන්නං.. හදල දෙන්නං.."
"හදන හැටිත් අප්පච්චි කියල දුන්නා .."
"හ්ම්..කියංටකො බලංට.."
"උනු වතුරට දානවා.. මිරිකලා අරං මිරිස් හතර පහක් අනනවා.."
"නෑ.. නෑ.. මිරිස් තුනපහ.. අතගානවා.."
"අන්න හරි.. ඊට ප්ස්සේ, 'චෙයීඊඊ..' කරනවා..."

                                                   simple "s"
2017.11.03

No comments:

Post a Comment