Saturday, December 1, 2018

උඩගෙදර කතා 59 (බොරු)


                            "බොරු..."
නං   04 ....                                                                                           

              පුංචි ඇත්තෝ බොරු කියනකොට බණිංට, නතර කරංට එපා. එහෙම නතර කරා නං ලියෝ ටෝල්ස්ටෝයිලා, චාලට් බ්‍රොන්ටෙලා, මාර්ටින් වික්‍රමසිංහලා කෝ.. ඒ වගේ අති දක්ෂ දාස් ගණන් ඇත්තෝ් ලිව්වෙම බොරුනෙ. එහෙම නැත්තං ඇත්ත දෙක තුනක් අස්සේ බොරු දාහක්. එව්වේ යටිං දිව්ව මානව දයාව.. වාගේ මහ මහ දේවල් කතා කරංට.. මං කව්ද? ඒ ඇත්තොත් පටං ගත්තේ "ඊයෙ ලෑ... ඊයෙ රෑ... අපෙ ගෙදල මැදිං මහාත ගඟක් ගැලුවනේ.." වගේ නිර්මාණ වලිං තමා. බොරු දෙවගයක් තියෙනවා.. හොඳ බොරුයි නරක බොරුයි. හීං එව්න්ට පුරුදු කරංට ඕනැන්නේ හොඳ බොරු ලස්සනට කියන විදිහ!

                 අපායේ යන හිංදා නෙවේ, බොරු කිව්වම මං තරහ වෙන හිංදා අපේ ලොක්කා, ඒ කියන්නෙ මයෙ මුණුපුරා බොරු  කියනවා අඩුයි. කියන එව්වත් එම අහු වෙනවා!

"කෝ ස්කූල් බැජ් එක?"
"ඇයි පුල් ඕවර් එකේ නැද්ද? ආ.. ලොකු පංතියක  අයියා කෙනෙක් උදුරා ගත්තා.. දුන්නැත්තං ගහනවා කියලා"

                   එහෙම කිව්වට ඒක කලිසං සාක්කුවේ! ඒ වුනාට තව දවසක,
"කොයි.. ඊයේ මං රුපියල් පනහක් දුන්නානෙ., ඉතුරු තිහ?"
"නෑ.. හතලිහක් තියෙනවා. මම ගත්තේ විස්සේ එක නෙවේ.. දහයේ එකක්!"

                    ඉතිං මට ලොකු දුකක් හිතෙනවා.
                    නොබෙල් නොලැබුනත්, තව අවුරුදු විස්සකිං විසි පහකිං මයෙ පැටියා අපෙ රටේ හොඳම, හොඳ බොරු කියන එක්කෙනා.... කර ගංට පුලුවන් නං..!
                                                     simple "s"
                    

No comments:

Post a Comment