Saturday, December 8, 2018

උඩගෙදර කතා 102 (අහිංසක උගුල)

"අහිංසක උගුල "

                    නොලියාම බැරි වුන කාලේකුත්  තිබුනා. බඩගින්නේ ඉංටයැ. ඊටත් කලිං ඉඳල ලියංට පටං ගත්තේ නං. දැනුත් ඉඳ හිට බලන ලොකූ එකතුවකුත්  තියෙනවා. හැබැයි ඒ කාලේ මදි නොකියංට ලිව්ව එකත් ලිව්වා.
             
                   ඒත් ඉස්සර වගේ නෙවේ, දැන් මං ලියංට හරි කම්මැලියි. කොටනවා විනා! බොහොම කාලේකට සැරයක් තමයි, ලිව්වත්. මගෙ අඩුව පුරවංට පහුගිය කාලේ කට්ටියක්ම ගෙදර ආවා. දර ලිපක් නැති පෝරණුවේ දුං කව්ළු වලිං. පෝරණුවේ දොර වැහුවම ඒකෙං මෙහාට එංට බෑ. ඒත් වේලිච්ච මිරිස් කරල් ටිකක්, හකුරු කෑල්ලක් තියා ගංට බෑ. ඉව්ව පිහුව එකක් තියා ගංටත් බෑ.

                  ඒ අයට ගෙදර ඇතුලේ ලියංට ලැබුනෙ නෑ. පස්සේ ඒකත් පටං ගනීද කියල බය හිතුනා. මොකද, ලියංට ගන්නේ කඩදාසි විතරයැ. රෙදි, ලී බඩු, කොට්ට මෙට්ට, කෑම බීම ....!

                 දෙතුං සැරයක් උඩ පැනල ඉන්න හැටි බලංට බෑ අප්පා! අර ටීක් බෝල වාගෙ ඇස් ගෙඩි දෙක උඩ බලාගෙන. කතුරක් ගැන අදහස අත් ඇරියා.
              
                 ඉතිං ගෙනාවා, අහිංසක උගුලක්. උගුලක්  ඉතිං කොහෙද අහිංසක වෙන්නේ... නෑ නෑ... ඇත්තටමයි කිව්වේ. ඉඳ හිට කපනවත් ඇහෙනවා. එදාට එයා කොටුකර ගන්නවා.

                මෙන්න ... මේ ලඟක ඉඳල තමයි අර රොත්ත බුරුත්ත පිටිංම එංට පටං ගත්තේ.

                මීයෝ... රස රස කතා ගෙනෙන අර අපෙ මීයෝ!

                දැන් ඉතිං අර අපෙ උගුලට හරියට වැඩ... එකයි... පහුවදා එකයි... එකයි ... පහුවදා දෙකයි... මේක හරි වැඩක්නෙ. ගමේම ගෙවල් වල අය එනවද! ගිහින් දාන අය ආපහු එනවද! නෑ.. නෑ.. දිග  මහත පාට වෙනස් වෙනස් අය. එහෙම දෙතුන් දෙනෙක් ආපහු ආවද දන්නෙත් නෑ. ඒත් දාසය දෙනෙක්!

                 මේකට අහුවෙන මීයොන්ට කිසිම හිරිහැරයක් නෑ. වැඩිපුර බිස්කට් ටිකක් ඇතුලට දාල තිබ්බම එලිය වැටෙනකල් කකා ඉන්නවා, බැන බැන. කොක්කට එල්ලන බිස්කට් එකට අමතරව. ඒකයි මේකට අහිංසක උගුල කිව්වේ...

                 ම්හ්ම්... හරි යන්නෙම නෑ.

                 ගෙනාවා කම්බි දැල්. ගත්තා ඉනිමඟ. කකුල් වෙව්ල වෙව්ල නැග්ගා බිත්තිය දිගේ.. ඇහුරුවා කව්ළු ටික. නෑ... නෑ... වැටුනෙ නං නෑ. මොකද තොප්පි වගයක් එක්ක මේ කූඩු විකුණපු මුදලාලියි පොඩි ඇත්තංට වඩා හොඳ මේ පොතයි මතක් වුනේ බැස්සටත් පස්සේ. අත් දෙකක් තියා පහක් තිබ්බත් මදි කියල දැනුන දවසක්. ඒත් දැන්නං යංතං නිදහස්....

                                                       simple "s"
2018.12.08

1 comment:

  1. ඉස්සෙල්ලම ආව කට්ටිය පහු වෙනකොට නෑයොත් එක්කන් එන්න ඇති නියම තැනක් තියෙනවා කියලා. :D

    ReplyDelete