Tuesday, December 4, 2018

උඩගෙදර කතා 88 (ඉවර වෙලා නිවාඩු කාලේ)


                  "ඉවර වෙලා නිවාඩු කාලේ.....!"

ඉවර වෙලා නිවාඩු කාලේ
මං යනවා හෙට ඉස්කෝලේ

ගුරු තුමීගෙ කරුණාවයි
යාලුවන්ගෙ ආදරයයි
  මේ ආයෙත් දකිනා කාලේ
  මං යනවා හෙට ඉස්කෝලේ

සුවඳ ගලන පොත් ගොඩකුයි
ලස්සණ පොත් බෑගයකුයි
  එක්ක මගේ බීම බෝතලේ
  අරන් යනව හෙට ඉස්කෝලේ

සුදට සුදේ ඇඳුම් ඇඳල
හැඩ කළ පාවහන් දාල
  අයෙත් පාන්දරම සීතලේ
  මං යනවා හෙට ඉස්කෝලේ

මගෙ අම්මට අප්පච්චිට
'හැදුනු පුතෙක්' අරන් එන්න
   උගත මනා ශිල්ප නෙලා
   ගන්න අයෙත්
   මං යනවා හෙට ඉස්කෝලේ.
 
ඉවර වෙලා නිවාඩු කාලේ
මං යනවා හෙට ඉස්කෝලේ ....

                                                           simple "s"
2017.09.05

No comments:

Post a Comment