" බ්‍රේක් ... !"
නං..... 05.
සමහර ඇත්තංට පුරුද්දක් හැටියටම කතා කරනකොට බ්‍රේක් නෑ. පුරුද්දක්ම නූනත්, කාටත් පෙලක් වෙලාවට කතා කරනකොට ඔය බ්‍රේක් එව්වා නෑ..
කරන සමහර දේවලදිත් එහෙමයි. ඉතිං පස්සේ නාහෙං අඬනවා.. මහ මෝඩ වැඩේනෙ කියල. ආපහු අදිංටයැ. පුංචි එකාට සැර කරපු, ගැහුව කීසැරයක් ඔහොම කියල නෙවෙයි නං හිතලවත් ඇද්ද? පහුවදත්.. ආයෙ එහෙමමයි.
ඉස්සරහ දවස් වල එහෙම, ටිකක් වැඩිවුනා නං බ්‍රේක් ඇත්තෙම නෑ. පහුවදා පාන්දරම ඇහැරිලා කොහෙද මේ ඉන්නේ කියලා සැක ඇර ගත්තට එහෙම පස්සේ ඔන්න තැනිං තැනිං මතක් වෙනවා. "චිහ්.. අර මෝඩ වැඩේ මං නොකර ඉංටයි තිබ්බේ.., අරක නොකියා ඉංටයි තිබ්බේ." කියල කීයක් ගැන හිතනවද. වැඩ් වෙන්ටම ඕන් නෑ, සිහියෙං හිටියත් කෙනෙකුට කළ කී දේවල් ගැන පස්සේ හරියටවත් ඔහොම හිතිල නැද්ද? මේ සටහං ගැන වුනත් හෙට අනිද්දා මට එහෙම නොහිතුනොත් තමයි පුදුමේ!
* * *
මේ නවසිය අසූ හතර, අසූ පහ වාගේ මතක. අපෙ එකෙක්ගෙ මඟුලක් තිබ්බා කොලඹ තරමක් ලොකු හෝටලේක. රෙජිස්ට්‍රේෂන් එකත් මඟුල් දවසේමයි. කොල්ලගෙ පැත්තෙං සාක්කියට අස්සං කරංට හිටියේ මං. අනික් පැත්තෙං හීංදෑරි ලස්සන නෝනා කෙනෙක්. මූණුවර යංතං යංතං මතකයිත් වාගේ. ම්හ්ම්.. ඒත් හරියෙටම මතක් වෙන්නෙ නෑ.. ජෝඩුවයි අපි සාක්කියි අස්සං කරල ඉවර වෙනකොටම ගොං විහිළුවක් කරංට හිතුනා මට.
"ඔය ගමන්ම අපි දෙන්නත් අස්සං කරමු." මං කිව්වා.
"ඔව් ඔව්.. අපි දෙන්නටත් පේපර්ස් ලෑස්ති කරන්න." හිනා වෙවී කිය කියම අර ලස්සන නෝනා ජෝඩුවට සුබ පැතුවා. එයා ගෑණු ඇත්තෝ හිටිය තැනකට ගිහිං වාඩි වුනා. මාත් දන්න අය දෙතුං දෙනෙක් හිටිය තැනක වාඩි වුනා.
"ඒ.. කව්ද බං අර අනික් පැත්තෙං අස්සං කෙරුව ලේඩි?" මං එකෙක්ගෙං ඇහුවා.
"ඇයි යකෝ, ---------- මැඩම්නෙ.."
"කව්ද...?"
"යකෝ පිස්සුද.. -------- මැඩම්! ---------- මැඩම්! දැං මෙහෙ මහ....." තව මොන මොනවදෝ එයා කිව්වා.. දෙයියනේ! මතක් වුනා...!
දැං ඉතිං මොකද කරන්නේ! අඳුරන්නේ නැතුව විහිළුවට ගත්තා නෙවෙයි කියලා හිතංට මොනවා හරි සීරියස්ලි කතා කරංටවත් ඕන. ලඟ පුටුවකට ගිහිං වාඩිවුනා, වෙල්කම් ඩ්‍රිංක් එකේද කොහෙද ඉතුරු ටිකත් අරං..
"මැඩම්... දැං මිස්ටර් --------- ගෙ තොරතුරු කොහොමද?" බොහොම සීරියස් විදියටයි මං කතා කෙරුවේ. ඒ දවස් වල විජය මහත්තයා රිමාන්ඩ් එකේ හිටියේ. එතුමී බෝම ප්‍රසන්න විදියට උත්තර දුන්නේ.
ඒ වුනාට, දැනුත් ඒ ගැන මතක් වෙන ඕනෑම වෙලාවක මට හිතෙන්නේ:
"චිහ්... එදා මං එහෙම නොකිව්වා නං...!"
simple "s"
No comments:
Post a Comment