Sunday, December 2, 2018

උඩගෙදර කතා 82 (සුවඳ)

                               සුවඳ ...

සුවඳ පතා ආවෙමි දුර ඈත සිට
නෙතග බරව තිබුනේ උණු කඳුළු කැට
දුටුවත් සෙනෙහෙ පිරි මී බිඳු දෙතොල් යට
මගෙ රත්තරන් අහිමිද ඒ සුවඳ මට

හෙට හිමිදිරි උදේ මීමැසි ගීත රැවින්
සිහිපත් නොවේවා පෙර පව් නුඹට සොවින්
රොන් පිසගෙන ගියත් තවමත්, සුවඳ බැවින්
මම නුඹ ලග හිඳිමි සැණසෙමි ඔබේ රුවින්.

                                                          simple "s"
1972

No comments:

Post a Comment