Tuesday, December 4, 2018

උඩගෙදර කතා 91 (අවාරයේ වසන්තය)


                        "අවාරයේ වසන්තය ....."

තැබුවේ නොසලකා හැර
වැඩි කරන්නයි හැඩ රූ..
මලුත් තිබුනා යායට
ඒත් 'ටච් - මි - නා' ලු.
තැනක පස් ගොඩක්
තව තැනක ලී ගොඩක්
දූලි සහරාවක්
අපිළිිවෙල අපිළිවෙල ...

කුරුල්ලනුත් ආවා - ගියා
උන්ගේ නූපන් දරුවනුත්
මට දුක් ගින්නකුත්
හදවතේ ඉතිරිකර

              *                    *                   *                  *

කලා පිරෙන සදවතක්
මෙන්න මෙන්න හදිසියෙම,
ඉවරයිලු හැඩ කර
අන්දවන්නලු සළු පිළිත්
නාමලීට, මගෙ නාමලීට...

මුලු ලොවම පිරී ඇත යළිත්
සද රැසින්... සුවඳින්.

කුරුල්ලනි සමනලුනි
අමනාප වී උන්නු
එන්න නැවතත් මවෙත
හදන්නම් නුබලාට
යායක්ම මල් යලිත් .....
සිරි දුව නැවත මා ළග... !

                                                      simple "s"
2017.10.02

No comments:

Post a Comment