Saturday, December 1, 2018

උඩගෙදර කතා 52 (ආරව්ල)


                                  "ආරව්ල...."

සුද්දත් ඇරියෙ නෑ...                   අංක 04

                දවස් දෙක තුනක්ම මගෙත් ආරව්ලක් තිබ්බා.. no likes, comments ගොඩයි. වැඩියෙන්ම "ඊයා.." වගේ ඒවා. මධ්‍යම ප්‍රතිපදාවේ යන අපේ ලොක්කගෙ, මයෙ මුණුපුරාගෙ එකම අකැමැත්ත උදේ හවා දවල් මූණේ කටු ඇණෙන එකට.., shares කීපයක්ම දැක්කා. මාවිල්මඩ පල්ලිය ළඟදී..

               ඉස්සර, "පස්වාන් දහසකට බුදු වෙන්ට, "මේ බළු ගැත්තගෙ බත් මුකේ පාදා ගන්ට අවසර .." කියලා රජ්ජුරුවන්ගෙන් අවසර ගන්න ඕනැලු රැව්ළ කපා ගන්න... මතක අතීතයේ, රැව්ළ වැවීම ප්‍රේම පරාජයක සංකේතයක්! ඒ කාලේ ඒ තරමට දිනපු කොල්ලෝ ගත්තේ clean shave එකක්..

               සුවඳ ගගහ ඇවිද්ද කරු අයියලා, ඩොමීලා ජනප්‍රිය ගිනිකූරු කට් කාරයෝ.. බහුසෘත බාවය පෙනුනෙත් රැව්ළක් තිබුනාමයි. රවීන්ද්‍රනාත් තාගෝර්, ඩා වින්ෂි, ප්ලේටෝ, අයින්ස්ටයින්., වගේ අය වැව්න රැව්ළ් තිබුන අය.. ඇයි කාල් මාක්ස්.. එහෙම ගත්තම දැන් ඉන්න වැඩි දෙනෙක් බහුසෘතයෝ.. එපා කියලා විනය නීති වලට යටත් ඇත්තොත් කොන්ඩා රැව්ළ් වවන්ට ගත්ත හින්දා වෙන්න ඇති..

                පිරිමි අයගෙ රැව්ළ තියෙනවට හීනි ඉරිසියාවක් තිබ්බ අයත් හිටියා.. එකනේ "වටාපතක් සේ රව්ළ වැවෙන්නයි .." කියලා ඒ කාලේ ප්‍රාර්ථනා කළේ..

                ඉස්සර රැව්ළ කපන්න දැළි පිහියත් පාවිච්චි වුනා.. සමහර අය කිරි කන්නයි, චොප්පේ අය්යලගෙ වැඩ කිඩ වලට ඉනේ ගහගෙන යන්නයි ගත්තම ඒක, පාවිච්චි වීම නොවීම කොයි හැටි වෙතත් අට පිරිකරට විතරක් සීමා වුනා.. කොහොම හරි දැන් ඉස්සර වාගේ ඒ වැඩේ අවදානම් නෑ.. කලින් චාජ් කරගන්න අමතක වුනානං, ප්ලග් එක ඕන් කරලා කෲ..ස් ගාලා විනාඩි දෙකෙන් වැඩේ ඉවරයි..

                 කොහොම හරි මාත් උදේම රැව්ළ "බෑවා". ඒ මොකක්ද...? වෙන කිසිම කැපිල්ලකට කියන්නෙ නැති වචනයක් රැව්ළ කපනවට කියනවා.. බානවා..

                 උඩ හන්දියේ කඩේ මොහමඩ්ට තියෙන්නේ බොහොම ඝන රැව්ළක්.. ඒක එන්නේ කළු පාටටවත් සුදු පාටටවත් නෙවේ.. පාට කරලානෙ. කට කැඩිච්ච කොල්ලෝ එයාගෙ "රව්ළ පන්වන්" කියනවත්!

                 ඉතින් සුද්දත් ඇරියෙ නෑ...
                 හදා ගත්තා ශෝක් කියමන් ගොඩකුත්:
Even hares pull a lion by beard when he is dead.
Beard and cloak do not make one a philosopher.

අනික, අපිට උඩු රව්ල් යටි රවුල් එද්දී එයාට අපිට වගේ නෙවේ.. නහයෙන් පහල උඩුතොලට උඩින් වැවෙන්නේ moustache කියලා එකකුයි අනික් හරියේ beard කියලා එකකුයි..!

                                                simple "s"

No comments:

Post a Comment