Saturday, December 1, 2018

උඩගෙදර කතා 58 (හීන)


                                    " හීන..."

නං...  03                                    

              හීන කිව්වම නිංදෙදි දකින එව්වයි ඇහැරගෙන මවා ගන්න එව්වයි දෙවගයක් තියෙනවා. පළමු වර්ගය කොහොම වුනත් දෙවැනි වර්ගයට අපි හරි දස්සයි. කාගෙ තහනමද්ද.. මොන දේවත් කව්රු දකිනවද... අතිං මිටිං යනවද..?

               ලොකු වියදං යන වැඩ ටිකක් කරංට මටත් ඈත කාලේ ඉඳලම ඒ වාගේ හීනයක් තියෙන්නේ. මං ඉගෙන ගත්ත ඉස්කෝල තුනට, නෝනා ඉගෙන ගත්ත ඉස්කෝල දෙකට, දුවගෙ ඉස්කෝල හතරට, අපෙ පැටියගෙ ඉස්කෝලෙට.. තව කාගෙද ඉස්කෝලෙට.. වුවමනාම ලොකුම දෙයක් කරලා දෙංට. ලොකු පොත් ගොඩක්, බොහොම වටින දුර බලන එකක්, විද්‍යාගාරයක් වාගේ මොනවා හරි... කාගෙං කව්රු වෙනුවෙංද කියන්නැතුව දෙංට.... සහොදර  සහෝදරියංට ඒ අයගෙ දරු මුණුපුරංට ගේ දොර සම්පූර්ණ කර ගංට, ඉස්පිරිතාල දෙක තුනකට, ළමා නිවාස, වැඩිහිටි නිවාස.. කීයක් නං මතකෙට එනවද?

              ඇයි... මෙහෙ ගමේ...! මේ ඔක්කොම එක්ක මයෙම එව්ං තුං හතර දෙනා...! මට නං ආයෙ කර ගංට දෙයක් නෑ..

               හැබැයි... සම්මාදං කාරයිංටයි පිං පත්තර කාරයිංටයි නං... ! කපටියෝ.. දවසක් ගෙදරට ආව හාමුදුරු නමක් ඉගෙනගෙන තියෙන්නේ බැලුවම මයෙ ඉස්කෝලෙම.. ආවාසගේ  හදංට ව්තරක් ඇස්ත්මේන්තුව කෝටි කීයක්දෝ.. අඩුම පිං පත්තරේ.. රුපියල්  පං දාහයි. මයෙ ඉස්කෝලේ මොකද්ද නොකියා ඇහුව ප්‍රස්න කීපෙට හරියටම උත්තරත් දුන්නා.. ඒත් අපෙ ඉස්කෝලෙට වැස්සකටවත් ගොඩ වෙච්ච කෙනෙක් දන්න එකක් ඇහුවම .... පිටිංම එරුනා. ඒක වෙනම කතාවක්..

               ඉතිං මයෙ අර හීනේ... අනේ ඒ ටික කර ගංට මටත් කෝටි හතලිහක පනහක සුයිප් එකක්වත් ඇදෙනවා නං...!

                දැං වාගේ තුට්ටු දෙකක් නෙවේ, ඉස්සර පලවෙනි තෑග්ග ලස්සයක් දුන්නේ. ඒක ඇදුන සමහර අය අලුත් නෝනලත් ගත්තා. මහ පාරටත් වැටුනා. අන්තිමට ඉතුරු වුනේ බූරු ඇඳයි "ලස්සයා" කියන අලුත් නමයි විතරයි. දැං අය නං එහෙම නැතුව ඇති. මෙහෙම අවස්තාවක් දෙසරයක් ලැබෙන්නෙ නෑ කියල හිතල, ඒ වෙනකල් තිබුන නරක පුරුදුත් අතාරිනවා ඇති....!

                 විහිලු නෙවේ.. අනේ මේ විය සිදුරෙං අහස දැක්ක කන කැස්බැස්බෑවා වාගේ එවුංට ඔය මුදල යොදවන හැටි ගැනත් පොඩි උපදේශයක් සුවිප් මන්ඩලෙංම ලබා දෙංටත් වැඩ පිලිවෙලක් යොදනවා නං...

                                                       simple "s"

No comments:

Post a Comment