Saturday, December 1, 2018

උඩගෙදර කතා 57 (.... මා සිටියා නං)

ඔක්
                      "....... මා සිටියා නං.."

නං.... 02                                        
                                        
               හොඳ වෙලාවට මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා නං බේරුනා නිංද කඩා ගන්නෙ නැතුවම. "හීනෙන් ඔබ මට පෙනෙනව නං." කියල, හුස්මක් වත් ගන්නෙ නැතුවම ඊළඟ පදේ  කිව්ව හිංදා!

              ඒත්, වික්ටර් රත්නායක මහත්තයා...! පේරාදෙණිය විශ්ව විද්‍යාලේ සංගීත ප්‍රසංගයකදී "දෙව් රම් වෙහෙරේ ... " ගීය ගායනා කරනකොට වුනාය කියන ඇබැද්දිය කවුරුත් දන්නවනෙ. ගොඩ නගපු එකක් වුනත් ඇත්තටම එහෙම උත්තරයක් ලැබුනා වුනත් ඒ කාලේ ඇහුව බෝම නිර්මාණාත්මක කතන්තරයක්.. මෙහෙම ටග්ගාල යස කියමං කටට එන්නේ උපං හපංකමට වෙන්ට ඇති.. එහෙම ඇත්තෝ හරියෙට ජනප්‍රිය වෙනවත්...
              
                       *                   *                  *

               කාලයක් මා එක්ක වැඩ කෙරුවා අර වගේ හපනෙක්. ජානක.. දැං ලොකූ තනතුරක ඉන්නේ. අපිට දවසක් අපෙ ලොකු මහත්තයෙක් එක්ක ඒ ලොකු මහත්තයා කලිං වැඩ කරපු කන්තෝරුවකට යංට වුනා. එයත් නිර්මාණ කරංට දස්සයා.. අතේ පැලවෙන...! ඔන්න තාප්පයක් පෙන්නුවා,  "මේ මං කරපු එකක්." කිව්වා; වටේ මල් වවපු ලස්සන පිට්ටණි කෑල්ලක් පෙන්නුවා, "මේ මං කරපු එකක්." කිව්වා; ගොඩනැගිල්ලක් ලඟට ගියා, "මේ මං කරපු එකක් ." කිව්වා. ඔය වාගේ තව එයා කරපු එව්වා කීපේකටම ගියා. ආපහු ඒ කන්තෝරුව ඇතුලට අපි යද්දී ජානක මයෙ ලඟට ආවා. මාපටඟිල්ලෙනුයි වකුටු කරපු දබරඟිල්ලෙනුයි අර අමුතු හිනාව මුවා කරගෙන!

"මං බයේ හිටියේ..."
"ඇයි..?"
"වැරදිලාවත් බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක් එහෙම එතනිං ගියා නං....!"

                                                        simple "s"
2018.04.03

No comments:

Post a Comment