Saturday, December 1, 2018

උඩගෙදර කතා 49 (Palindromes)


                               "PALINDROMES "

සුද්දත් ඇරියෙ නෑ..!   01

                 අපෙ ඇත්තෝ ඈත අතීතයේ ඉඳලම හොඳ හොඳ කියමන් කාරයෝනෙ. ආදර්ශමත්, නිර්මාණශීලී, හාස්‍යජනක දෙයක් දැක්කොත් අල්ලා ගත්තා. ඒ විතරක් නෙවේ අනික් අයටත් බෙදා දුන්නා.

                අද කියන්නේ මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් එක වාගේ කියැවෙන එහෙම වචනයි වාක්‍යයයි..

                දැනට අවුරුදු හතලිහකටවත් ඉස්සර මං දන්න අයිය මලෝ නව දෙනක් හිටියා. ලොක්කා යසරත්න. බඩපිස්සා නවරත්න. යසරත්න හැදුවා අලුත් ගෙයක්. දැම්මා නමක්.. "යසවාසය". නවරත්නත් හැදුවා අලුත් ගෙයක්. එයත් දැම්මා ගෙට නමක්... "නවභවන".

                  මේ, මේවායේ ඉතිහාසයේ ආරම්භය නෙවේ. ඊට කලින් ඉඳලම තිබුනා.. ඇයි ... අපි කීවේ:
        "රතු වතුර".... "කමත මක"... වගේ ඒවත්. මගේ අරමුණු කණ්ඩායම, පොඩි පැටව්. ඒ අය නොදන්න (හහ්.. අපි හිතාගෙන ඉන්නේ එහෙම!) නරක වචන තියෙන ඒවා නොකියනවට තරහ නොවේවා..

                   ඉතින් මේක බලාගෙන හිටිය සුද්දත් ඇරියෙ නෑ.. විජ විජහට හොයා ගත්තා එයාගෙ මේ වාගේ ලස්සණ වචනයි වාක්‍යයයි ටිකක්.. ඒවට නමකුත් දැම්මා.. "Palindromes" කියලා.

                    එයා කීවා...  "madam", "nurses run" වගේ එවා.

                    නරක නෑ නෙහ්...?

                                                                   simple "s"
2017.12.25

No comments:

Post a Comment