Sunday, December 2, 2018

උඩගෙදර කතා 84 (මහාචාර්ය තුමා හා කුරුමිණියා)

"මහාචාර්ය තුමා හා කුරුමිණියා......"

මෙය ප්‍රේමකීර්ති ද අල්විස් නම් සොදුරු මිනිසාට උපහාර පිණිසයි...

ප්‍රේමකීර්ති මහතා අතින් ලියැවුනු, අප ඉතා ප්‍රිය කරන ගීත රාශියක් වේ. මේ එම ගී පිලිබදව නොවේ. ඒ මහතා වරක් තමන් මෙහෙයවූ ගුවන් විදුලි වැඩ සටහනක් අතරතුර ඉදිරිපත් කළ විහිලුවක් මෙසේයි:

එක් මහාචාර්ය වරයෙක් කුරුමිනියෙක් පිලිබදව පරීක්ෂණයක් කරමින් සිටියි.
              කුරුමිනියාට නිදහසේ ඇවිදින්නට ඉඩ දුන් ඔහු සිය නිරීක්ෂණ සටහනේ "කකුල් හයම ඇති කුරුමිණියා 'යන්න..' යයි කීවිට සාමාන්‍ය විදියට ඇවිදියි" යයි සටහන් කළේය. ඉදිරි පියවර මෙසේ විය.
2. කුරුමිනියාගේ එක් කකුලක් කඩා "යන්න.."
    යයි කීවෙමි.
    සතා විශේෂ වෙනසක් නොපෙන්වා ඇවිදියි.
3. දෙවැනි කකුල කඩා "යන්න..." කීවෙමි.
     සතාගේ ගමන පෙනෙන නොපෙනෙන තරමින්
     දුර්වල වේ.
(4. 5. පියවර වලදී ද එක් එක් කකුල කඩමින්,
     "යන්න ... " යි නියෝග දෙමින් සතාගේ ඇවිද යාමේ    දුර්වලකම් ඇතුලුහැසිරීම්පිලිබදවනිරීක්ෂණ සටහන් කරයි.)                   
6. සතාගේ පස් වැනි කකුල කැඩීමි. "යන්න..." කීමි.
     සතා ඉතා අපහසුවෙන් රවුම්, රවුම් ඇවිදියි.
7. හය වැනි කකුල කැඩීමි. "යන්න.... " කීවෙමි.
    හය වැනි, එනම් අවසන් කකුලත් කැඩූ පසු                                    
    කුරුමිණියාට කන් නෑසේ...!

මහාචාර්ය තුමාගේ අවසන් නිරීක්ෂණය එසේ විය.

                                                         simple "s"

No comments:

Post a Comment