Sunday, December 9, 2018

උඩගෙදර කතා 105 (සෙනෙහස)


ආදරෙයි.....

අමනාපයක් නෑ ගන්නා                වෑයමට
මාවත් හැර දමා සදහට         නිවෙන්නට.
ඒ වන තුරා වූවොත් මෙහි         සරන්නට
විවරයි මා සෙවන නුඹහට     රැඳෙන්නට.

මා මව ගිය දිනේ සිට මා මව             වූවා
හැර යනු සිතූ හැම විට ආපසු           ආවා
"හෙටත් එදා නෙත් ගැඹරේ නිල       නාවා"
තව හැත්තෑ එකක් නුඹ ජීවත්        වේවා!
                                  
                                                    simple "s"
2018.04.22

1 comment:

  1. ඈට නිදුක් නිරෝගී සුවයෙන් දිගු කාලයක් ජීවත් වෙන්න ලැබේවා කියලා පතනවා!

    ReplyDelete