Saturday, December 1, 2018

උඩගෙදර කතා 46 (බොළඳිය)


"බොළඳියේ......."

හිමි නැති හිමි සෙනේ බැරි තැන ව්ඳ ගන්න
ආවේ දුරු රටක දුක වාවා                   ගන්න
සිදු වූයේ අඳුරු පුවතක් දැන               ගන්න
"හිමියනි, නිවේවා නිවනින්!"         පවසන්න

නැගණිය ඔබ සබැඳි ඕපාදූප               රැසයි
'ඔහු මිය ගියා නොව මැරුවා' කියා     කියයි
මහිමිට දාව නුඹටත් දියණියක          ඇතැයි
දැනගෙන වැලපුනේ නෑ හිත තවම     දැඩියි

නුඹ තව සෙවනකට ආගිය පුවත          අසා
"අප හිමි" වැළපුනේ මා ගැන මතක      නිසා
හිමි දුන් මපුතු මට බර නෑ ඔහුගෙ       නිසා,
හිත වැළපුනා "දෝණී අසරණයි"             අසා.

හදවත ඉඩ නොදේ අහිතක් ඇති     වෙන්න
තරහක් නෑ මා නිවසත් නුඹ               ගන්න
දියණිය බරක් නම් ඔය දිවි ගෙන       යන්න
ඇයවත් බොළඳියේ මගෙ තුරුළට    දෙන්න.

                                              simple "s"

1 comment: