Wednesday, December 5, 2018

උඩගෙදර කතා 69 (මයිනා)

උසාවියක් පැත්තෙන් මෙහෙම ඇහුනලු.. 03

"මයිනා..  "

                   ඉස්සර. එක්තරා මිනිසෙකුට "මයිනා" කීවම තරහ යනවා. උන්හිටි තැන් අමතක වෙන තරමට. දවසක් කෙනෙක් මෙයාට මයිනා කියනවා. මයිනා එයාට බනිනවා. මෝටර් පදයත් සඳහන් කරලම. අනික් එක්කෙනා මෙයාව තව තරහ ගන්නන්න අයෙත් මයිනා කියනවා. මයිනා එයාට ගහනවා. තව සැරයක්  පුද්ගලයින් ලියාපදිංචි කරන තැනට යන්න වෙන තරමට. නඩුවකුත් ගොනු වෙනවා.
"යුෂ්මතා මේ පැමිණිලිකරුට පහරදී තුවාල සිදු කළාද?"
"එහෙමයි ස්වාමීනි.. මම ගැහුවා."
"ඇයි එහෙම කළේ..?"
"ස්වාමීනි...එයා මට මයිනා කිව්වා.. ඒකයි."
"ඉතින් යුෂ්මතාට මයිනා කීවාම..." විනිසුරුවරයාට තව වචනයක්වත් කියන්න ලැබෙන්නේ නෑ..
"ඔන්න ඔන්න ඉතිං නඩුකාර හාමුදුරුවන්නෙත් අම්.. "
"මම විත්තිකරු නිදහස් කරනවා... " විනිසුරු තුමා නියෝග කරනවා...!
                                                                
                                                                  "s"

No comments:

Post a Comment