"වඳ මලක්........... "
------------------------------
ඔව්.. මාත් වඳ මලක්...
අමාවක රැයක් වන්.
රුවැති දල්ලක පිපී පර වූ.
ලැබූ මුත් පහසක්
දැරූ රොන් සුණු,
බඹර තුඩ'ගක
නොලද වාසනාවක්
විඳින්නට හාන් සුවඳක්...
ඒත්, දරා මා ගැන මතක
මටත් සෙනෙහස පුදන
සුවහසක් සිටින වග
දනිමි මම.
මෙතෙක් කල් සිටි ලෙසම
අවසරයි... සැඟව ඉන්නට
කුමට මා පවසම්ද
මගෙ පූච්චානම්...!
simple "s"
No comments:
Post a Comment