Monday, November 26, 2018

උඩගෙදර කතා 80 (පොරව)


                                     "පොරව ....."

                මං බස් හෝල්ට් එකට එන විට අපේ ගමට යන නවයයි කාලේ බස් එක ගොසින් ය.. කාලේ කාලේ වැඩක්, බස් එක නතර කළ විගස කළ යුතු නිසා දවල් කාලේ මෙන් නොව, අපේ මෙම දහයේ අන්තිම බස් එක නම්, ඉස්සර කාලේ පමණක් නොව දැන් කාලේ ද, කාලේ අයියා හරියටම වෙලාවට ගේනවා ම ය.

                              *                 *                 *

              බස් හෝල්ට් එකේ ගැටව් හතර පස් දෙනෙක් හරිම විනෝදෙන් කතාවක.. ටිකක් අඳුර හින්දම නෙවේ.. ඒ ඔක්කොම ගැටව්ද කියලා අඳුර ගන්නත් විනාඩියක් දෙකක් ගියා.. කොණ්ඩා හා කන් මද අඳුරේ වුනත් පෙනුන හින්දා..! ඒ කතාවට එහෙමත් නැත්නම් චැට් එකට මට කන් දෙන්න ලැබුනේ අවසන් කොටසේදී කියලා මට තේරුනා. මේක මං ඇහුවද ඇහුනද මං දන්නෑ.. ඒක මහ ලොකු ප්‍රශ්නෙකුත් නෙවේ..

                             *                  *                   *

"ඌත් එක්ක හිටිය සම්පතාට මොකද වුනේ බං...?"
"අප්පා.. පොර දැන් හරි පොරක් බං.."
"ඒ කිව්වේ.."
"මටත් 'පොරව' අල්ලා ගන්නත් උවමනාවක් තියෙනවා බං.." තුන් වෙනියෙක් ද කතාවට එක් වී ය.
"මොන .. ! 'පොර'අල්ලන්න' දැං ලේසි නෑ ඩෝ.. බලන්න එපැයි.. කළු කෝට් බෑය 'පොරව ගෙන' උගෙ අර පුරුදු වෝක් පාර දාලා යනකොට.. නියම ජෙන්ටා මචාං.."
"මාත් දවසක් හොරෙං ගිහිං බලං හිටියා... අනිප්පැත්තේ එකෙක් එක්ක 'පොරට වැටුනොත්' සීලිම නෑ බං"
"ඌ දැං එතන හෙනට හිට් වෙලා මචං.."
"හොඳයි .. දෙයියනේ.. ඒ කාලේ ඉඳලම ඕකා හෙන මීටරේ නෙ.. "
"කොච්චර උඩට ගියත් මෑන් තවම අපි එක්ක බොක්කෙංම බං.."

                              *                   *                  *

               අපරාදේ මගෙ  බස් එක එනවා..
කමක් නෑ.. මුළු වටපුළුවටම ඇහෙන්න මිහිරි සිංඳුවකුත් දාගෙනනෙ..
"ඉඩං, කඩං, කාර්, බාර් අතරේ..
ලැබුනත් දෑවද්ද කෝටි හතරේ..
අපි හිටියත් තවමත් මේ පැදුරේ..
බොක්ක ඉන්නෙ තවමත් අපි අතරේ.."
"කැරකිල.. බිමට නැමිල... "
"බොක්ක ඉන්නෙ තවමත් අපි අතරේ..."
"ඩඩං ඩං... ඩඩං ඩං..."
".................................................. "

                                                    simple "s"
2017.12.07

No comments:

Post a Comment