Sunday, November 25, 2018

උඩගෙදර කතා 64 (හැකුළුම් හා WWB)

                     
                              "හැකුලුම් හා WWB... "

නං...........................................11

               ආණ්ඩුවේ කන්තෝරු වල භාවිතයට සම්මත "හැකුලුම්" මාලාවක් ඉස්සර දීලා තිබ්බා. දැන් එහෙම එකක් ගැන අහංටවත් නෑ. ඒ හිංදා හදා ගත්ත ජරාවලුත් තියෙනවා.

                 අලුතෙන් කන්තෝරුවකට ගිය අලුත් ලොක්කෙකුට මේ හැකුලුම් ගැන වැඩි දැනුමක් තිබුනෙ නෑ. ඒත් දවස දෙක යනකොට සමහර යෙදීම් හුරුවුනා. දැ.පි.කරු., ඉ. කරමි කරු. වගේ ඒවා. ඒත් නමිං කරුණාජීව වුන මෙයාට එන හැම සටහනක් අගම වාගේ තිබුන "කරු" කියන කෑල්ල නං මුලදී වැඩිය හිතට ඇල්ලුවෙ නෑ. මොකද සමීපම හිතවත්තු විතරයි එයාට එහෙම කතා කරන්නේ.

                 ටික දවසක් යනකොට මෙයා ඒවා හොඳින් දැන ගත්තා විතරක් නෙවේ.. පරන අයගෙ සටහන් බලලා මේ සටහන් වලට ප්‍රතිචාර දක්වන හැටිත් පුරුදු වුනා. අනුමතයි.. දුටිමි... ".... "ගේ නිරීක්ෂණ ලබා ගන්න කරු... වගේ. ඒත් අපෙ  මහත්තයට ඉඳහිට දිරවා ගංට බැරි ඒවා එනවා. එකට හිටිය යාලුවෙක්ගෙන් උපදෙස් අරන් හරි ඒවත් විසඳා ගන්නවා.

                   ඒත් දවසක් සර්ට ආව මිනිට් එකක් යාලුවන්ටත් ඉසේරදේ හැදුවා... "සසුබකො බකො ට යවමු කරු."

                    තවත් උපදෙස් ඉල්ලංට තැනක් නැති තැන සර් තමංම විසඳීමකට ආවා.

                     ආපහු ආව ලිපි ගොණුවේ සර්ගෙ පිළිතුර දැක්ක විෂය ලිපිකරු (දැන් 'කලමනාකරණ සහකාර') ටත් අනික් හැමෝගෙම පිහිට පතංට වුනා. වැඩක් නැති තැන සර්ගෙන්ම අහංට තීරණය වුනා. දෙතුන් දෙනෙක් යංට ඉ.ප. වුනා.

"සර් .. මේ .. දන්නැති නිසා අහන්නේ.. 'මොකො යකො' කියන්නේ?" ඒ සර් යැව්ව පිළිතුර!
"ආ.. ඒ මේ.. 'මොහු කොහේද.. යවන්නේ කොහේටද' කියන එකනෙ."
                      පොඩ්ඩක් හිනා වුන නිළධාරිවරු පිට වෙංට ගියා.. දොර ලඟට යනකොට ආපහු අඬ ගැහුවා.

"එතකොට.. මේ "සසුබකො බකො' කියන්නේ?"
"සර්... , සහකාර සුරා බදු කොමසාරිස්, බටහිර කොට්ඨාශය.."
                       කන්තෝරුවේ රොයිටර් නියෝජිතයෙක් මටත් කිව්වේ.

                       *                          *                       *

                        අපෙ බලු පැටියගෙ 'ජීව දත්ත පත්‍රිකාව' නොහොත්, සිංහලෙං කියනවා නං 'සී.වී. එක නොහොත් curriculum vitae' හදංට ගිහිං මං ටිකක් අමාරුවේ වැටුනා..

**නම: ටෙඩ්..
                     (මේකේ ටයිප් වෙන්නේ ඩි යන්න වාගේ. අපහාස නොකර හල් ඩ යන්න කියන්න කරු...)
** වර්ගය: (ඒකට උත්තරේ.. අනේ මංදා! එයාගේ අම්මාවත් දන්නේ නැතිව ඇති!)

                    *                         *                        *

                      හැමදාම වාගේ එදත් මයෙ දුව ගෙදර ආවේ (ඤාණ කතා එක්ක) රස කතාවකුත් අරං.
"අප්පච්චි දන්නවද චන්ද (Chandana Udagedara) අයියගෙ බලු පැටියගෙ වර්ගේ..?"
"ම්හ්ම්.. දන්නෑ. පොමරේනියන්?"
"නෑ.. pomaranian නෙවේ.  අද මං ඇහුවම එයා කියනවා 'pure W.B.' ලු"
"මං කලිං අහලා නෑ.." (එයා.. ඒ කියන්නේ බලු පැටියා, කකුල් හතරම උඩ දාගෙන නිශ්ශංක පුතාගෙ ඇඳේ... මෙට්ටේ උඩ සැපට නිදාගෙන ඉන්න පොටෝ එකකුත් ගෙනත්!)
"Pure W. B. කියන්නේ... Pure වල් බල්ලෙක්!" දුවම පැහැදිලි කළා.

                     මගෙ ප්‍රශ්ණෙටත් විසඳීමක්! Pue WWB..! Pure වල්ම වල් බල්ලෙක්! අනේ මෙහෙම ආතල් එකක් අනික් අයටත් තියෙනවා නං..

                                              simple "s"
2018.04.27

No comments:

Post a Comment