Sunday, November 25, 2018

උඩගෙදර කතා 71 (තරුණ නීතිඥයා.)


                                "තරුණ නීතිඥයා"

උසාවියක් පැත්තෙන් මෙහෙම ඇහුනලු   06

විවෘත අධිකරණයක.....

"මම මේ තරුණ නිතිඥ මහතාට කියන්න කැමතියි, නඩු වලට පෙනී සිටින විට මීට වඩා සැළකිලිමත්ව අවශ්‍ය කරුණු මනාව අධ්‍යයනය කර පැමිණෙන ලෙස.."
"ස්වාමීනි මාතින් කිසිවක් අතපසු වුනේ නැහැ."
"ඒත් මට නම් ඔබ, කිසිවකට පූර්ව සූදානමක් පිළිබඳව දැක ගැනීමට සැලැස්වූවේ නැහැ.."

"ස්වාමීනි මම උපන්දා සිට හැදී වැඩුනේ නීති පරිසරයක; අතපත ගෑවේ නඩු වලට අදාල දේ; පියාගෙන්  මට අසන්නට ලැබුනේ නඩු වලට හෝ මෙවන් වටපිටාවල රසවත් කතන්තර: කියවා රස වින්දේ නඩු වලට අදාල කතන්තර; ඒ තබා මා හොරෙන්  සෙල්ලම් කළෙත් නීති පොතපත සහ නඩු ලේඛණ සමඟ. ඉතින් මගේ  පූර්ව සූදානම නම් අද ඊයේ සිට නොවේ...."
                    විනිසුරුවරයා කට කොනකට නැගුනු මඳහසක් සමඟ නිහඬ වේ. ඒ මේ තරුණයාගේ පියාත් කලින් නීතිඥවරයෙක් බවත් තම පියා එසේ නොවන බවත් එතුමා දන්නා නිසා ය.

                          *                           *

වාර්තාකරුගේ සටහන:
                  මෙය, අසා ඇති හැටියට, කීර්තිමත් ගරු  විනිසුරුවරයෙකු ( හා පසු කලෙක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) හා එතුමාගේ පුත් කීර්තිමත් නීතිඥ හා දේශපාලනඥයෙකු (හා පසු කලෙක ගරු ඇමතිවරයෙකු) අතර ඇතිවූ දෙබසක් ඇසුරින් ගෙතූවකි. (කිසිවෙකුට අපහාසයක්, උපහාසයක් අරමුණුකොට ලියූවක් නොවේ.)

                                                                    "s"
2018.11.22


No comments:

Post a Comment