"වල්ලභයා... "
මා මිත්‍ර සිරිල් දිනක් කෑම පැයේ මෙසේ කීය.
"වරෙන්, යාලුවෙක්ගෙ ගෙදර ගිහින් එන්න."
මම ඔරලෝසුව දෙස බැලුවෙමි.
"මේ ලග, විනාඩි දහයක් වත් යන්නෙ නෑ."
අපි සිරිල්ගේ යතුරු පැදියෙන් යන අතර සිරිල් මෙසේ කීය.
"අදුර ගන්න වටින මනුස්සයෙක්.. හරි විහිලුයි. එයාගෙ නෝනත් ඒ වගේමයි..."
අප යාලුවාගේ ගෙදරට ගොඩවන විට සිනා මූණකින් අප පිළිගත්තේ ඒ නෝනා විය යුතු යැයි මම සිතීමි.
"කෝ.. උඹේ වල්ලභයා ඉන්නවද?" සිරිල් විමසුවේය.
"අනෙප්.. පලයන් යන්න.. එයා තොපි වාගේ නෑ.." එසේ කියා මුහුණ පුළුටු කර ගත් ඈ ගෙතුලට ගියේ අපට "වාඩි වෙන්න.."යැයි වත් නොකියාය.
වාසනාවට සිරිල්ගේ යාළුවා ඒ වහා ඉදිරියට ආවේය.
සිරිල් පැමිණි කාරණය නොපමාව ඉටු කර ගත් පසු අපි ආපසු පිටත් වීමු.
යතුරු පැදියට ගොඩ වෙද්දී, නිවසේ බිත්ති කොනක සවි කර ඇති කුඩා පුවරුවක් මම දුටුවෙමි. එහි මෙසේ සදහන්
විය.
විය.
"අභය සුරවීර, ස.වි."
"s"
අගෙයි ඔබතුමාගෙ රස කතා ඔක්කොම එක තැනකට ගෙනාපු එක. දැන් පිළිවෙලකට කියවන්නම්.
ReplyDelete