Sunday, November 25, 2018

උඩගෙදර කතා 70 (මේ බූරුවා)


                                      "මේ බූරුවා"

උසාවියක් පැත්තෙන් මෙහෙම ඇහුනලු         05.

"යුෂ්මතියට මේ විත්තිකරු කළ පහර දීම පැහැදිළි කරන්න.."

"ස්වාමීනි මේ ඉන්නේ මගෙ කසාද ස්වාමියා. ඉතිං මේ බූරුවා මයෙ කොන්ඩෙන් අල්ලල කටට ගැහුව පාර දත් දෙකක් ගැලවිල බඩට ගියා. ඉතිං මේ..."
"යුෂ්මතියට මම අවවාද කරනවා ගෞරවයෙන් කතා කරන හැටියට."
"එහෙමයි ස්වාමීන් වහන්ස.. මේ ඉන්නේ මගෙ කසාද ස්වාමීන් වහන්සේ. මේ බූරු වහන්සේ මයෙ කේස .."
"යුෂ්මතිය වහාම නිශ්ශබ්ද්ද වෙන්න.. ඕක පරන බූරු කතාවක්..
යුෂ්මතා මේ පැමිනිල්ල පිළිගන්නවද?"
"එහෙමයි ස්වාමීනි.."
"එසේ නම් යුෂ්මතා එසේ පහර දීමට හේතුව කුමක්ද?"
"ස්වාමීනි, මම මේ යුෂ්මතීට චීත්ත කෑල්ලක් ගෙනත් දුන්නා. ඒක පොලොවේ ගහල එයා දිගින් දිගටම මට බොරු චෝදනා කර කර බනිනවා. ඉවසන්ට බැරිම තැන මම.."
"මොකක්ද බොරු චෝදනාව?"
"මම ඒ චීත්තේ ගත්තේ එහා ගෙදර ගෑනිට දෙන්ටලු, ඒ ගෑනී එපා කිව්ව හින්දා මෙයාට ගෙනත් දුන්නලු.  නෑ කියල කොච්චර කිව්වත් පිළි ගන්නෙ නෑ ස්වාමීනි බනිනවා."
"යුෂ්මතිය එහෙම චෝදනා කරන්නේ ඇයි? ස්වාමිපුරුෂයා තමාට ගෙනත් දෙන එහෙම දෙයක් බාර ගන්න ඕන නේද?"
"ස්වාමීනි... කලික් වතාවෙත් ඕකම කරලා මයෙ අතටම අහු වුනා."
"යුෂ්මතා තවමත් මේ ගරු උසාවියට කියා සිටින්නේ මේ තැත්තිය කරන්නේ බොරු චෝදනාවක් කියලාද?"
"එහෙමයි ස්වාමීනි, ඕක බොරු චෝදනාවක්, මම ඔය චීත්තේ ගත්තේ එහා ගෙදර ගෑණිට නෙවෙයි. ඊටත් එහා ගෙදර ගෑණිට.."
                                                                 
                                                            "s"

No comments:

Post a Comment