Saturday, November 24, 2018

උඩගෙදර කතා 51 (ඉඦුහ්)

                                      "ඉඦුහ්..."

සුද්දත් ඇරියෙ නෑ..                        අංක 03

               "බල්ලා වනාහි සිව්පා සතෙකි. ඈත අතීතයේ සිට බල්ලා මිනිසාගේ  සමීප මිතුරෙකි. බල්ලා... " ඇති ඇති..

               බල්ලාට සම්බන්ධ කරලා අපේ ඇත්තෝ බොහෝම කියමන් හැදුවා.. නිකං කට කහනවට නෙවේ; තේරුමක්, ආදර්ශයක් ඇතිව..

* බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමිං ගමනකුත් නෑ..
* බළු වලිගේ හත් අව්රුද්දක් කෝවෙ දැම්මත් දිග          ඇරෙන්නෙ නෑ"
* කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන්.
* බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ.

                  මේ වගේ තව බොහොම තියෙනවා. අපෙ  ඇත්තෝ මේ අන්‍යාර්ථ වාක්‍ය වලට 'ඉඟි වැකි' කියලයි උපදේශයක් හරි පොදුවේ සත්‍යයක් හරි කියන ඒවට 'ප්‍රස්තාව පිරුළු' හරි 'ආප්තෝපදේස' හරි කියලයි කීවා.

                  බල්ලාගෙන් මිනිසාට ප්‍රයෝජන බොහෝමයි... නිවාස දේපොල ආරක්ෂාව, හිම කරත්ත ඇදීම වගේ ඒවා.. අතීතයෙත් පණිවිඩ යවන්න, දඩයම් කරන්න, අපරාධ කාරයෝ, මත්ද්‍රව්‍ය සොයන්න වගේ දේට යොදා ගත්තා. හොඳ ඉවක් තියෙන මේ අය හරිම දක්ෂයෝ.. ඇයි.. තම තමන්ගෙ මහේශාක්‍ය කම පෙන්නන්න අදත් යොදා ගන්නේ.. ලස්සණ දම් වැලක ගැට ගහගෙන පාරේ ගෙනියන කොට (කොහෙද , ඇයි යන්නේ කියන ඒවා මෙතැන වැදගත් නෑ!) හ්හ්ම්.. මොන තරම් ආශික්ද?

                   බල්ලා අපිට හරි ආදරෙයිනේ.. ඒ වාගෙම තමා අපිත් එයාට...
                   මහාචාර්‍ය ජේ.බී. දිසානායක මැතිතුමාට අනුව (සඤ්ඤක ජ) "ඦ" දැන් භාවිතා වෙන්නේ ..  බල්ලට අඬගහන්න විතරයි... ඉඦුහ්.. කියලා. ඒත් ඒ අපේ, ගොඩේ අයට නේද?

                    ආදරයට හරි තරහට හරි, විශේෂයෙන් ගමේ ගොඩේ පොඩි ඇත්තන්ට යමක් දෙනකොට (ංආ, ඉඳා අර්තයෙන්) "ඉඦ" කියනවත් මම දන්නවා. බොහොම ග්‍රාම්‍ය වචනයක්.. ඒත් සමහර පැතිවල තවම භාවිතා වෙනවා. ඒක අමතර කතාවක්..

                   බල්ලෙකුයි බළලෙකූයි රෑ තුරුළු වෙලා නිදාගෙන ඉන්නවා.. බල්ලා එක පාරම නැගිටලා විමසිල්ලෙන් වටපිට බලනවා.. බළලත් ඇහැරලා.. එයා කම්මැලි විදියට කියනවා "කලබල වෙන්න එපා මචං.. සියඹලා කොලයක් වැටුනා.." කියලා. බල්ලගෙ කන් දෙකෙයි බළලගෙ ඇස් දෙකෙයි තියුණු කම එහෙමයි.

                   ඔයෙ ඉඳහිට පුංචි පුංචි බළු වැඩක් කෙරුවට "බළු හාමි" කියන්න තරම් එයා නම්බුකාරයි.. ඒකනෙ "බල්ලෙක්ගෙ තරම් කෙළෙහි ගුණයක් නෑ" කියලා මිනිස්සුන්ට බනින්නේ. මැරුණත් මනුස්සයා ළඟින්ම ආදරයෙන් ඉන්නයි බල්ලට ඕන. ඒකනෙ අර "Treasure Island" නව කතාවේ මහ කැලෑව මැද හුදකලා පැලේ මුණ ගැහෙන මිනිස් ඇට සැකිල්ල ලඟ බල්ලෙක්ගෙ ඇට සැකි්ල්ලකුත් තියෙන්නේ... ඇයි තව සත්‍ය ලෝකයෙත් තමන්ගෙ ස්වාමියාට ගොඩක් ආදරය කරපු ජපන් බල්ලා, "හචිකෝ" ගැන චිත්‍රපටියකුත් තියෙන්නේ..
                   බළුකං.. ? ඒවට විතරක් නෙවේ..එයාගෙ කන් වලටත් එහෙම කියනවා. මට පුරුද්දට පොතක් අතට ගත්තම, කාගෙ කාගෙ හරි නොසැලකිල්ල හින්දා හැදිලා තියෙන බළු කං දිගාරින එක නොදැනිම කෙරෙනවා. අර පිටු කොන් නැමිලා තියෙන ඒවා.. ඒවා හරියට එයාගෙ ලොකු ලොකු ඇත්තන්ගෙ කන් වගේනෙ.. dogs' ears!

                   කොහොම හරි අපේ ඇත්තන්ගෙ වෙනත් බළුවැඩ (බල්ලාට සම්බන්ධ වැඩ) දැක්කම සුද්දත් ඇරියෙ නෑ.. හැදුවා බල්ලට සම්බන්ධ කියමන් ගොඩක්..

* Every dog is brave in his own yard.
* One dog barks at something and the rest at him.

                    සුද්දා මේ අන්‍යාර්ථ දෙන ඒවට Idioms කියලයි, ආදර්ශයක් දෙන එහෙම නැත්නම් පොදු සත්‍යයක් කියන වාක්‍ය වලට proverbs කියලයි නම් තිබ්බා.....
                    බළු වැඩ වලට විතරක්ම නෙවේ!

                                                 simple "s"
2017.12.27

No comments:

Post a Comment