"කාන්සියට කියැවෙන සීපද......."
නුඹ ගෙට ගොඩව යන්තම් හත් දොහයි ගියේ
එදා මුව කමල නෑ නුඹ එසවූයේ
කුරහන් කරල් ඒ දුටුවද සැකයි පියේ
කිරිබර උනුත් මට ඔච්චම් කරයි රැයේ
වියළි ඉරිඟු කොල හුලඟට හෙල වෙනවා
තොරක් නැතිව සිරි සිරි හඩ නැංවෙනවා
නුඹේ හීනි කෙඳිරිලි හඬ සිහි වෙනවා
රෑ හීතලය නොදැනිම තව වැඩි වෙනවා
පියඹට අඬ ගසයි ගෝනෙක් උගේ බසින් මද සඳ එළිය යට සෙල්ලම් කරනු රිසින්
තුන් යම පුරා මගෙ තනිකම දැනුනු ලෙසින්
පළඟැටි හඬ නැගෙයි මේ පැල හතර දෙසින්
තනියක් බයක් මා අසළට නෑ එන්නේ
අත්ගොබ පපුව උර තල තව දලු ලන්නේ
හෙටත් උදැල්ලක් දෑතේ රඟ දෙන්නේ
නුඹ ගැන මතකයයි දහිරිය වඩවන්නේ
මල් පිපුනා මදිද බඹරුනි මුමුණන්ට
කෑවා මදිද මා වවුලනි නිදියන්ට
සුදු පැහැ නැද්ද කඳු මුදුනේ තැවරෙන්ට
කුකුළනි මතක නැතුවද අද අඬලන්ට
simple "s"
No comments:
Post a Comment