Monday, November 26, 2018

උඩගෙදර කතා 79 (සුළු මව නොවෙමි.)

"සුළු මව නොවෙමි.. "

දිනයක මවක වන මගෙ සුන්දර       පැතුම
අහිමිය කියා දැන ගත් දා ලොව           විසුම
අරුතක් වේද සිතුවා මම මුළු             රැයම
එලෙසයි අත් වුනේ සදහට මට           සුසුම

ලැබූ දිනේ ඔබගේ මව වන්න               වරම්
නුඹ දන්නවා නම් මා හද පිපුනු           තරම්
එහෙත් වියැකුනේ නෑ තව මහද         සුසුම්
එකම වරක් දෙනුමැන මද හසක       කුසුම්

මා නුඹ වෙතට කැන්දාගෙන ආ          දවසේ
දුටුවෙමි දරු සෙනේ ආලොකය        නිවසේ
දුටුවේ පුන් සඳක් විලසිනි පුත          අහසේ
වින්දෙමි යළිත් මව් සිහිනය මම      රහසේ

පුත, හීනෙක සිනාසෙන ඔබෙ මුව      කමල
රෝස පැහැති සියුමැලි නුඹගෙ        දෙපතුල
හාන් සුවඳ වින්දේ නුඹ නිදන                  කල
මා පිළිගන්න තව මදිවද ගෙව්නු            කල

ආ දා සිහිනෙකින් නුඹ තුරුලට             මාගේ
මට දැනුනේ මා යලි ඉපදුනි                   වාගේ
මගෙ රජ කුමරුනේ මා රැජිණිය මේ        ගේ
අබිසෙස් කරවන්න, ඉවසන්නම්          වේගේ

හිමිදිරියේ දෑත විහිදා                       පිබිදෙන්න
හිනා කටක් පුරවා මා වෙත                   එන්න
මා ළය මඬල කිරි දියරින්                 පුරවන්න
"අම්මේ" කියා හෙටවත් මා              අමතන්න

                                                          simple "s"
2017.12.22

No comments:

Post a Comment