Sunday, November 25, 2018

උඩගෙදර කතා 61 (පෙරුම්පුරාගෙන)


"පෙරුම් පුරාගෙන ......"

නං................................... 08

සමන් මල් පූදින වෙලේ:
              "අද නං ඒවි.. "
සේපාලිකා කිරි දසන් පාන විට:
              "කමක් නෑ.. හෙට ඒවි.."
මාසයක් දෙකක් හිඳ,
රුක් අත්තන සමු ගත් දා,
               "මං රැවටුනා.. ඒ ඔබ නෙවේ!"
               "මං රැවටුනා.. ඒත් ඔබ නෙවේ!
වසරකුත් ගත වුනා,
               "නෑ.. ඔබ එන්නෙ නෑ!"

වසන්තය දොරකඩ..,
               "මමම එන්නම් ඔබ සොයා.."
වසන්තය අග,
               "අනේ.. අප..
                හමු නොවුනා නං!"
                                                            
                                                                simple "s"
2018.04.18

No comments:

Post a Comment