Sunday, November 25, 2018

උඩගෙදර කතා 72 (දඩය)


                                           "දඩය"        

උසාවියක් පැත්තෙන් මෙහෙම ඇහුනලු.    07

                   රිය ගැටුමක්.. ලොකු මෝටර් රථයෙන් බැස ආවේ ඉතා රූබර තුරුණු නෝනා කෙනෙක්. පිරුණු ගෝණි මලු ගොඩ ගැසූ කිළුටු ට්‍රක් රථයෙන් මැදි වියේ පිරිමි කෙනෙක්.

"ඔහොමද වාහන එලවන්නේ?"
"ඔව් නෝනා ඇයි?"
"මොකක්ද මේ කෙරුවේ?"
"හරකෙක් වාගේ මගෙ පාරෙන් එන වාහනයක් බේරන්ට හැදුවා."
" 'මගෙ පාර?'... ආ.. ලියලා දීලද බූදලේද?"
"මේ සයිඩ් එක මගෙ පාර තමයි. වම දකුණවත්.. "
"හරි.. ඔන්න.. පොලීසිය එක්ක බේරා ගනිමුකො."
"හරි නෝනා.. මතක තියා ගන්ට. හොඳ දඩයක් දීලයි මාත් පස්ස බලන්නේ... "

                        *                       *                     *

"නම?"
"ඇල්. ඇම්. ආරිය."
පදිංචිය, වයස, ආගම, අවශ්‍ය අනවශ්‍ය ප්‍රශ්න රාශියකි.
"රැකියාව?"
" ...... උසාවිය."
"කරන තැන නෙවේ... රැකියාව?"
"රියැදුරු."
"වැරැද්දකුත් කරලා මොකෝ මේ අසභ්‍ය වචන වලින් බැන්නත් කියන්නේ?"
"මෙහෙම එකක් වෙලා මේ තරම් සභ්‍ය වචනයෙන් මං කවදාවත් කතා කරලා නෑ සර්. කොහොමද මං බැන්නේ අහංට. හැබැයි මං එකක් නං කීව්වා. අයෙත් කියනවා. නෝනා හොඳ දඩයක් ඉල්ලා ගෙනයි මේක කෙලවර වෙන්නේ සර්."
"එන්න පොලීසියට. එහෙදී ඒවා බලා ගනිමු.
මැඩමුත් මහත්තයා එක්කවත් පොලීසියට එන්න වෙනවා කට උත්තරයක් දෙන්න.
                          *                      *                     *
නඩුවේදී....
                    නම් කියැවෙන විටම නෝනා වෙනුවෙන් නැඟී සිටි ගණන දහ දෙනෙක් පමණ විය. ට්‍රක් රියැදුරු වෙනුවෙන් කිසිවෙක් නැත.
"තමා රැකියාව කරන්නේ මෙම උසාවියේ යයි කීවාද?"
"එහෙමයි ස්වාමීනි. මේ මුළු උසාව් සංකීර්ණයේම අහක දාන කඩදාසි කොල ගෙනියන ට්‍රක් එකේ ඩ්‍රයිවර්  මමයි."
"අනික් පාර්ෂ්වයේ වගඋත්තරකාරියට ලොකු දඩයක් ලබා දෙන බවක් කීවාද?"
"ස්වාමීනි දඩයක් ලබා දෙනවා කියල මං කිව්වෙ නැ. දඩයක් දෙනවා කිව්වා.. එහෙම නැත්තං මේ නෝනා ලොකු දඩයක් ඉල්ලා ගෙනයි මේක කෙලවර වෙන්නේ කියලයි මං කිව්වේ. ස්වාමීනි අපි දඩයක් කියන්නේ උසාවි දඩයට විතරක්ම නෙවේ."
                 ට්‍රක් රථ රියැදුරුට දඩයක් නියම විය. නෝනමහත්තයලාට අලුත් ලොකු ලොකු යාලුවන් රාශියක්. දැන් සැදෑ සාද දිනපතා!

"s"
2018.11.25

No comments:

Post a Comment